අපේ ගෙදර TV එකක් නැහැ!

මේ සටහන තියන්න ඕනද නැද්ද කියල මං තවමත් කල්පනා කරනවා, ඒත් එක්කම, ඔව්! අනිවාර්යයෙන්ම අතීත සාක්ෂියක් විදිහට සටහන තියන්න! කියල,
වේගයෙන් ගොඩ නැගෙන භූ දේශපාලනික තත්ත්වයන්, මට බල කරනවා වගෙ දැනෙන ගන්නවා, ඉතිං මං එහෙම කරනවා!
අද උදේ, පාහියන්ගල ආනන්ද සාගර හාමුදුරුවො ‘නිදහස්’ සංවාදය ගොඩ නගන අතර තුර, ”ඔබ තුමා අර භාග්යාට කතා කරල සංවාදයක් කෙරුවොත් හොඳයි!” මයෙ හිතේ, කියල කිව්වා. ”තේරුමක් නැහැ හාමුදුරුවනෙ, ඒත් දේවානි ජයතිලක එක්ක නං කතා කරන්න යමක් තියෙනවා!” කියල මං උන්වහන්සේට කිව්වා. ”ඒක හොඳයි මං දෙන්නං ටෙලිෆෝන් නොම්මරේ!” උන්වහන්සේත් උනන්දුවෙන් කිව්වා.
මං ඉතිං කීප වතාවක් උත්සහ කරලා පැයකට විතර කලින් ඇය සම්බන්ධ කර ගත්තා.
‘අපි සමාජ මාධ්ය ඔස්සේ විධිමත් සංවාදයක් ගොඩ නගමු!’ කියන අදහස, ඇයට
මා හඳුන්වා දෙමින්ම, යෝජනා කෙරුවා.
‘එහෙම කරන්න බැහැනෙ අපි රාජ්ය නිලධාරීන්නෙ, අවසර ගන්න ඕනනෙ!’ ඇය කිව්වා.
”එතකොට ඔබ අර ඊයෙ වගෙ…යූනියන් කට්ටියක් එක්ක එකතු වෙන මාධ්ය සාකච්ඡාව තිව්වෙ අවසර අරගෙනද?” මං පෙරළා ඇහුවා. ඒ ගැන ඇය කිව්වෙ මොකද්ද කියල මට ඇත්තටම පැහැදිලි නැහැ, ඒත් එකක්!
ඇය කිව්වා, තවම ඒ වැඩේට ලෑස්ති වෙන ගමන්! කියලා. මේ මුල් අවස්ථාවෙදිම, මාධ්ය ඉදිරියට එන එක තේරුමක් නැහැ කියන එක තමයි ඇය ඒ අතර කියන්න උත්සහ කෙරුවෙ.
මං ඇයට කිව්වා, වන විනාශය සමග MCC ඉඩම් කොල්ලය සම්බන්ධයි, මේ නිකං එක එක්කෙනා කැලෑ කපනවා නෙවෙයි, සංවිධානාත්මක ක්රියාන්විතයක් කියලා. ඇය කියන්නෙ එහෙම වෙන්න පුළුව වුණත් මේ නං එක එක පුද්ගලයො කරන වැඩ තමයි වගෙ කතාවක්.
එහෙම හිතන්න ගත්තොත් මේ වෙලාවෙ රට තුළ සිදුවන භූ දේශපාලනික සිතියම්ගත කිරීම මග හැරිලා, ප්රශ්නය. ”එක එකා ගස් කපනවා!” වගෙ තැනකට හැකිළෙනවා කියන්නයි මං උත්සහ කෙරුවෙ. ගම සමග පිළි සඳර, ඉඩම් බැංකුව සහ තවත් කරුණු ගෙන හැර පාමින් ඒ ගැන කියාගෙන යද්දි ඇය කිව්වෙ, ජාත්යන්තරය පටළවාගෙන මේ වෙලාවෙ මෙ වැඩේ කරන්න බැහැ කියලයි. තවම වැඩේට සූදානම් වෙනවා කියන එක තමයි ඇය දිගටම කියන්න උත්සහ කෙරුවෙත්. ඒත් ඇය මේ සමස්ත මහා කතාව ගැන දන්නවාද?
මට ප්රශ්නයක්
අනෙක, මොකද්ද ඒ වැඩේ? මං තවම කල්පනා කරනවා!
”අපි පොඩි මිනිස්සුන්ට කතා කරන්න ඕන!” ඇය උනන්දුවෙන් කිව්වා.
”ඒ කියන්නෙ 2024 ඡන්දයට ලෑස්ති වෙන වැඩක්ද?”
මං එක වර ඇහුවා,
”අපෝ නෑ!”’, ඒ ඇය!
”ඒ වුණත් බලන්න! ජේවීපී එකට තවම බැරි වෙලා තියෙනවා පොඩි මිනිස්සුන්ට තේරෙන විදිහට කතා කරන්න!” ඇය පෙන්වා දුන්නා.
”ජේවීපී එකට වෙලා තියෙන්නෙ ඒක නෙවෙයි! මහ පක්ෂ එක්ක එදා ඉඳලා ඩීල් දාන නිසා මිනිස්සුන්ට එපා වෙච්ච එක, බලන්න 2005 දි මහින්ද චින්තනයට ජේවීපී එක කඩේ යන හැටි! මුලින් ජේවීපී එකට පාර්ලිමේන්තු ආසන 40ක් විතර ල්බුණා, පස්සෙ මිනිස්සු අයින් වෙන්න ගත්තා!”
මං කියාගෙන ගියා. ඒත් එක්කම, පවතින තත්ත්වයන් තුළ මිනිස්සු දැනුවත් කිරීමට එහා යන යම් ජාතික තලයෙ මෙහෙයුමක් අවශ්යයයි කියන එක ඇයට ඒත්තු ගන්වන්නත් උත්සහ කෙරුවා.
රටට එරෙහි චීන, ඉන්දියානු, ඇමරිකානු ක්රියාන්විතයට ප්රතිචාර දක්වන්න ඕන කියන එකයි මට කියා ගන්න ඕන වුණේ.
ඇය රාජ්ය නිලධාරිනියක් නිසා රැකියාව පිළිබඳ ප්රශ්නයත්, මේ වෙලාවෙ බොහෝ අය රැකියාව කරන්නෙ ලොකු අපහසුතාවකින් කියන කතාවත් ඇය ඒ අතර කිව්වා. මගේ යෝජනාව වුණේ, රාජ්ය නිලධාරීන් රට වෙනුවෙන් කොන්දේසි විරහිතව හිට ගන්න ඕන කියන එක. ඒ වගකීම, නීතිපතිවරයා සහ අධිකරණයත් මග හරිමින් ඉන්න විදිහ මං ඇයට පැහැදිලි කරන්න උත්සහ කෙරුවා.
”මේ සඳුදා හිරු සලකුණ බැලුවද?”
මං ඒ අතර ඇහුවා, ”නෑ!” ඇය කිව්වා.
”ඔබටත් අදාළ ඇමති, රාජ්ය ඇමති දෙන්නම ආවා…ඔබ ගැනත් අපි කතා කෙරුවා…!
මං කිව්වා.
”අපේ ගෙදර ටීවී එකක් නැහැ!”
ඇය හිනා වුණා.
”මට රැස්වීමක් තියෙනවා!” කියල ඇය එක වර කියපු නිසා මං ඇමතුම විසන්දි කෙරුවා!
එච්චරයි! මේ සටහන වැදගත් නැහැ කියලත් මටම හිතෙනවා, ඒත් ඔන්න ඔහේ තිබිච්චදෙන්!
CHAPA
March 31, 2021