අලුත් අවුරුද්ද උදා වෙන්න තව පැය කීපයයි තියෙන්නෙ. ඔය කියන අවුරුදු සමරන්න, පොදු ජනයාට අතේ මිටේ සල්ලි තියෙනවා ද කියන එක තමයි හැමදාම තියෙන ප්‍රධන ප්‍රශ්නය.
ඒත් එක්කම, අද මේ මොහොතෙත් ලංකාවෙ සමහර තැන්වල, විශේෂයෙන්ම ජනප්‍රිය සුපර් මාර්කට් වල වැඩට යොදවලා ඉන්න සේවක සේවිකාවන් සම්බන්ධ වෙනම බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ඒ, ඔවුන් Man Power කට්ටිය නිසා.
ඔවුන්ට කවුරුවත් වග කියන්නෙ නැහැ, උපරිම මට්ටමෙන් වැඩ ගත්තාට, ඔවුන්ට පොදුවෙ සාධාරණ වැටුපක් ලැබෙන්නෙ නැහැ. අද තවමත්, මැලවුණු මුහුණුවලින් පාරිභෝගිකයන්ට මුහුණ දෙන ඔවුන්, හුඟාක් වෙලාවට රෑ වෙලා ආපහු ගෙදර යන්නෙ කොහොමද කියලා කල්පනා කරනවා.
මේ මොහොතට අදාළව, ප්‍රශ්නය, ඔවුන් අවුරුද්දට වැඩ කරන එක නෙවෙයි, ඔවුන්ට විශේෂ ගෙවීමක් සහ ප්‍රවාහන පහසුකම් ලබා දෙනවාද කියන එක.
මේ සටහන, අදාළ පාලකයන් ට!
කරුණාකරලා දැනට ඒ ප්‍රශ්නය විසඳන්න! අනිත් ප්‍රශ්නය ගැන ඊළඟට හිතමු!
හැමෝටම ජය!

WHAT'S UP
අවුරුද්ද Run කරන Man Power සේවකයන්ට අවුරුදු නැද්ද?
Apr 13, 2017, 16:31 pmComments Off on අවුරුද්ද Run කරන Man Power සේවකයන්ට අවුරුදු නැද්ද?