2018-02-15
කට්ටියක් මේ තියෙන විදිහ යහපත් කියල හිතනවා, කට්ටියක් ඊට විරුද්ධව උද්ඝෝෂණය කරනවා, කට්ටියක් විකල්පය තියන්නේ අපි ළඟ කියල විශ්වාශ කරනවා, කට්ටියකට මේ එකක්වත් වැඩක් නැහැ. තරුණ පරම්පරාවක් වැඩිහිටියෝ වෙනවා, වැඩිහිටි පරම්පරාවක් යන්නම යනවා, අලුත් පරම්පරාවක් එනවා, මේ චක්‍රය දිගටම ක්‍රියාත්මක නිසා අවසානයක් නැහැ! එත්, මේ මොහොතට අදාළව අපිට එකතුවෙලා, වඩා යහපත් පැත්තකට සමස්ත සමාජය තල්ලු කරගන්න මොනවද කරන්න පුළුවන්? දේශපාලන පක්ෂ ඇතුළෙ – එළියත් එක්ක ගලප ගන්න පුළුවන් සංවාදයක් නැහැ, උගත් කියන, බුද්ධිමත් කියන සමාජ තීරුව ඉන්නේ එක එක අරමුණු වල, ජනමාධ්‍ය ලාබ ලබන ව්‍යාපාරයක් විතරයි. පොදු ජනයාට තමන්ගේ පැවැත්ම හැර වෙන දේවල් ගැන හොයන්න ඉස්පාසුවක් නැහැ.ධනවාදය ඇතුළෙ කොහොමටවත් හිතන්න පුළුවන් මිනිස්සු හැදෙන්නේ නැහැ. උත්තරය සමාජවාදය වගේ පෙනුනට, තවමත් එය ලෝකයේ ප්‍රයෝගික ඇත්තක් නෙවයි. ප්‍රශ්නය මේකයි! ලෝකයට මෙහෙම දිගටම පවතින්න බැහැ, එන්න එන්න අර්බුධ වැඩිවෙනවා, ජෛවගෝලය ඇතුළෙ මානව ශිෂ්ටාචාරයත් බරපතළ අභියෝගයකට ලක්වෙමින් තියන්නේ! අපි හිතාගන හිටියට තනියෙන් ගොඩදාගන්න පුළුවන් අර්බුධයක නෙවයි අපි හිරවෙලා තියන්නෙ! විසඳුම් හොයන්න කලින් පවතින තත්වය පැහැදිළිව කියවගන්න බලමු!?
CHAPA
April 4, 2016

WHAT'S UP
ඇත්තටම අපිට මොනවද ඕනේ? ඒක ලොකු ප්‍රශ්නයක්!
May 17, 2018, 13:04 pmComments Off on ඇත්තටම අපිට මොනවද ඕනේ? ඒක ලොකු ප්‍රශ්නයක්!