මේ ඔබ දකින ප්‍රචාරණ පුවරුව දකින්න ලැබෙන්නෙ, දක්ෂිණ අධිවේගී මාර්ගයෙ, ගාලු පිවිසුම ට විහිදෙන මාර්ගය, ගාලු පාරෙන් පටන් ගන්න හංදියෙ.
මේ, පුද්ගලික රෝහලක ප්‍රචාරණ දැන්වීමක්.
”ඔබේ දරුවාගෙ අසනීප අවස්ථාවකදී, ඔබ ඔහුව බාල තැනකට අරං යනවාද? එපා!”
එයින් අවධාරණය කරනවා!
මෙහෙම දැන්වීමක් ප්‍රදර්ශනය කරන්න, ඒ පුද්ගලික රෝහලට අයිතියක් තියෙනවා ද? මේ, සදාචාරාත්මක සහ නීතිමය ප්‍රශ්නයක්. ඒ කියන්නෙ, ‘බාල’ රෝහල් තියෙන බව ඔවුන් දන්නවා කියන එක. එතකොට ඒ බාල රෝහල්මොනවා ද ? රටක එහෙම බාල රෝහල් තියෙන්න පුළුවන් ද?
ඒ වගේම, මේ කරන්නෙ, දරු සෙනෙහස ඇපයට අරගෙන දෙමාපියන් බයකරලා, ඔවුන් ගෙන් කප්පම් ගන්න හදනවා වගෙ වැඩක්.
හිතන්න!
මේ නිර්මාණය වෙමින් තියෙන පාදඩ වෙළෙඳපොළ තුළ, අත මිට හිඟ තාත්තා කෙනෙකුට, අම්මා කෙනෙකුට සහ ඔවුන්ගෙ දරුවන්ට අත්වන ඉරණම!
ඇති හැකි එවුන්ට ජීවිතය!
නැති බැරි එවුන්ට මරණය!!
SAITM සංඛේතයක් බවට පත්වන, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව පිළිබඳ අරගලය වඩා නිර්මාණශීලීව, පුළුල් තලයකට ඔසවා තබන්න අත්‍යවශ්‍ය වෙන්නෙ, අපට අත්වෙන්න නියමිත, මෙන්න මේ ශෝඛාන්තය වෙනස් කරන්නම තමයි!
CHAPA

WHAT'S UP
ඇති හැකි අයට ජීවිතය! නැති බැරි අයට මරණය!!
Apr 17, 2017, 16:10 pmComments Off on ඇති හැකි අයට ජීවිතය! නැති බැරි අයට මරණය!!