2018-02-19
”ඔබ තුමා බෞධයා නාලිකාවෙ වැඩසටහන් වගයකට ගියා නේද?”
කෙනෙක් ඇහුවා.
”ම්ම්ම්…ඔව්! ඒවා බැලුවද? මොකද්ද හිතන්නෙ මම කියන දේවල් ගැන? හුඟාක් අය මම කියන දේවල් වැරදියට ගන්නවානෙ…”
”අපෝ නැහැ! ඔබ තුමා කියන දේවල් හරිම පැහැදිලියි…මම මේ….”
ඔහු කියාගෙන යනවා.
”ඒ වුණාට, මම අන්තිම වැඩ සටහනේදී…මාධ්‍ය හරහා දාන මාන පිංකම් කරන එක ගැන…සල්ලි දීල බණ කියන එක ගැන යන්තමට වගෙ කියපු දේවල්…”
”තේරුණා, තේරුණා! අන්න ඒක තමයි මම ඔබ තුමාට කතා කරන්න හේතුව…”
ඔහුගෙ උනන්දුව වැඩියි, මගෙත් උනන්දුව වැඩි වෙනවා.
”ඒ කියන්නෙ?”
ප්‍රශ්නය මගෙන්, ඔහු ටිකක් හැඟීම්බරව ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා.
”අපේ තාත්තා වෙනුවෙන් බෞද්ධයා නාලිකාවෙන් බණක් කියවන්න මම හදන්නෙ…ඔබ තුමාට කන්ටෑක්ස් තියෙනවනෙ, මට ගණන් අඩු කරගන්න ඕන නැහැ…ඒත් වැඩේ ටිකක් හොඳට කරගන්න තමයි…”
”ඔයාට පිස්සුද? මම ඔය ක්‍රමයට විරුද්ධව පෙනී හිටින කෙනෙක්…මම කියන දේවල් තේරෙනවා නං ඇයි මගෙන් මෙහෙම උදව් ඉල්ලන්නෙ?”
මම කියාගෙන යනවා.
”මට පොඩි උදව්වක් ඕනෙ!”
ගුරුවරියක් ඒ අතර messenger ක්‍රමයට කියනවා. මම ඇයගෙ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩසටහනකුත් කෙරුවා.
”මොකද්ද?”
මගේ messenger පිළිතුර.
”ඔයා එදා ජනමාධ්‍ය ගැන කියපු කතා නිසා ළමයින්ගෙ උනන්දුව වැඩි වෙලා…දෙමව්පියොත් එහෙමයි…”
”ඒක තමයි වෙන්න ඕනෙ, මේ ජනප්‍රිය මධ්‍ය වෙළෙඳපොළ තුළ සාමාන්‍ය ජන ජීවිතය විකාර වෙනවා, වැඩිහිටියන්ට නං කියල වැඩක් නැහැ, එත් අපි ළමයි බල ගන්වන්න ඕනෙ…”
”ඒ වගේ වැඩකට තමයි මම කතා කෙරුවෙත්…එක තාත්ත කෙනෙක් මගෙන් ඇහුවා එයාගෙ පුතා දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් එකට දාගන්න උදව්වක් කරන්න පුළුවන්ද කියල…ඔයාට කන්ටෑක්ස් තියෙනවානෙ, ඔයාගෙ නම්බර් එක ඒ තාත්තට දෙන්නද?”
”මොකක්?”
මොනවද මම දැන් මැසේජ් කරන්නෙ?!
”මම අහවලා…”
ඒ නං දුරකතන ඇමතුමක්. අහවලාගෙ නම දාන්න බැහැ, සිද්ධිය ඇත්ත නිසා.
”මම මේ පාර පොහොට්ටුවෙන් ඉල්ලනවා…ඔබ තුමාට ආරාධනාවක් කරන්න ගත්තෙ…”
”මොකද්ද?”
”මම අයියගෙ ෆෑන් කෙනෙක්..එෆ්බි ෆ්‍රෙන්ඩ් කෙනෙක්…මම පොඩි උත්සවයක් තියනවා සෙනසුරාදට, අයියා එන්නම ඕන…”
”මම පක්ෂ දේශපාලන වැඩ වලට යන්නෙ නැහැ, කවදාවත් කාටවත් ඡන්දය දාලත් නැහැ, දාන්නෙත් නැහැ…මම දිගටම කියන දේවල් අහනවා නං බලනවා නං ඔයාට තේරෙන්න ඕන…”
”එහෙමද?”
ඔහු බිඳුණු හඬින් ඇහුවා, ඇහුව කිව්වට, කිව්වා.
”දැන් ඔබ තුමා කියනවනෙ රට හදන විදිහ…”
ඒ වෙන වට්ස්ඇප් පණිවිඩයක්.
”ඔව්!”
”ඒක හරි! අපිට ඒක තේරෙනවා…ඒත් කාටද අපි ඡන්දෙ දාන්න ඕනෙ?”
”මම දිගටම මේ ගැන කියනවා…කාට ඡන්දය දුන්නත් වැඩක් නැහැ, ජනයා පිට ආර්ථික බර වැඩිවෙන එක විතරයි…”
”එහෙම බෑනෙ…අපි කියන්න ඕනෙ ඡන්දය දෙන්න ඕන කාටද කියල…නැත්තං ඔබ තුමා කියන දේවල් අහන මිනිස්සු අනාත වෙනවා…”
”මම යෝජනා කරන්නෙ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ත් අභිබවා යන දේශපාලන සංවාදයක් ගොඩ නගන විදිහ…ඒක දීර්ඝ කාලීන වැඩක්…”
”අපිටත් යෝජනා කරන්න පුළුවන්…ඒත් වඩා හොඳ කෙනාට ඡන්දය දෙන්න කියල අපි කියන්න ඕනෙ…කියන්න! කාටද අපි ඡන්දෙ දෙන්න ඕනෙ?”
මම ඉතිං දැන් මොනවද තවත් කියන්නෙ?
”කියන්න!”
”කියන්න!”
”කියන්න!”
පණිවිඩ දිගටම.
”ඔහොම සද්ද නැතුව ඉන්නෙත් මොකක් හරි කුමන්ත්‍රණයක් තමයි, නැත්තං රට බේර ගන්න මෙච්චර හොද අවස්ථාවක් තියෙද්දිත්!”
ඒ වෙන පණිවිඩ කරුවෙක්!
”මම දිගටම කියන දේවල් අධ්‍යනය කරන්න! එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි මම කියන්නෙ මොකද්ද කියල…”
මට දැන් උත්තර දීල එපාවෙලා.
”ඡන්දෙ දෙන්න ඕන කාටද කියල කියන්නැත්තෙ මොකක් හරි කුමන්ත්‍රණයක් නිසා…අපි මෝඩයො නෙවෙයි, හරිද? අපිත් හොඳට දේශපාලනය දන්නවා…”
දැන් මොකද කරන්නෙ?ම්ම්ම්ම්…මම කල්පනා කරනවා. හරි! මිනිහව බ්ලොක් කරලා දානවා!
”Hi…”
වෙන මැසේජ් එකක්, ඒ පාර කවුද?
CHAPA, Jan 23, 2018
Previous Postසෝභිත හාමුදුරුවෝ සහ බෙල්ලන්විල හාමුදුරුවෝ එකම මතක සටහනක්!
Next Postඑතෙක්! ඈතින් ඉම්මු...