ISIS ප්‍රමුඛ ත්‍රස්තවාදයට සහය දෙන බවට චෝදනා ලබන කටාර් රාජ්‍යයට එරෙහිව, ලිබියාව, ඊජිප්තුව, සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යේමනය, මාල දිවයින සහ මුරුසි දිවයින, මේ වනවිටත්, තම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අත් හිටුවා තිබෙනවා. මේ අනුව, සැලකියයුතු ආහාර අර්බුදයකට ද මුහුණ දෙමින් තිබෙන කටාර් රාජ්‍යය, බරපතළ අර්බුදයකට තල්ලු වෙමින් තිබෙනවා. අවට ගුවන් සීමාවන් සීමාකොට ඇති බැවින් කටාර් ගුවන් ගමන් පවා අඩාල වී තිබෙන පසුබිමක, මේ සිදුවීම් පෙළ ලෝක දේශපාලන අර්බුදයකට පරිවර්තනය වෙමින් තිබීම අරුමයක් නෙවෙයි.
ඔව්! ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි!
ඒ අනුව කටාර් රාජ්‍ය, ත්‍රස්තවාදයට සහය දක්වන්නේ නම් අනිවාර්යයෙන්ම මෙවැනි දඬුවමකට ලක්විය යුතුමයි. ඒත්, පවතින ඇත්ත තත්වය මීට වෙනස්.
මේ අප අත්විඳිමින් සිටින්නෙ ”ඛනිජ තෙල්” මුල් වූ ගෝලීය පරිමාණ අපරාද දේශපාලන ක්‍රියාවලියක තවත් එක සිදුවීමක් පමණයි.
මේ කතාවෙදි තෙල් ලේ බවට පත් වෙනවා!
වර්තමාන කතාවෙ කතානායකයා ඇමරිකා එක්සත් ජනපදය. ඊළඟට, G6, G7, G8…ආදී වශයෙන් සංවිධානය වන ලෝක බලවතුන් යැයි කියා ගන්නා ඔවුන්ගේම තවත් කණ්ඩායමක්, එක්සත් ජාතීන්, යුරෝපා සංගමය සහ තවත් එකඟතා එතැනම. ත්‍රස්තවාදය බිහි වෙන්නෙ මෙන්න මේ ලෝක දේශපාලනයෙ අනිවාර්ය අංගයක් හැටියට. කොටින්ම ඔවුන්, තම දුෂ්ට උවමනාවන් සඳහා, ත්‍රස්තවාදය නිර්මාණය කොට පෝෂණය කරනවා. අන්තවාදී ආගමික ජන කොටස් එහි නරුම ගොදුරැ බවට පත් වෙනවා. ඊට ප්‍රධාන හේතුව ඔවුන්ගෙ නූගත්කම.
පහුගිය දවස්වල, ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකානු නායකයා, ජාත්‍යන්තර කැමරා ඉදිරයේ, අරාබි කඩු නැටුමක් නටන්නෙත්, මේ වෙලාවෙ කටාර් කොටු කෙරෙන්නෙත් එකම තිර පිටපතකට අනුව.ඒ අනුව, කෙනෙක් හිතනවා නං මේ විදිහට ISIS ප්‍රමුඛ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය වෙයි කියලා ඒක මහා පිස්සුවක්.
හැබැයි එක දෙයක් පැහැදිලියි!
මේ හැම එකාම, නිහඬව බලාගෙන ඉන්න අපිත් ඇතුළුව, යම් දවසක, ත්‍රස්තවාදයෙ ගොදුරු බවට පත්වෙන්න නියමිතයි! ප්‍රශ්නය තියෙන්නෙ ඒ දවස කවදා ද කියන එක විතරයි!
CHAPA

WHAT'S UP
කටාර් කොටුකරලා ත්‍රස්තවාදය මර්දනය කරන්න බැහැ!
Jun 07, 2017, 14:42 pmComments Off on කටාර් කොටුකරලා ත්‍රස්තවාදය මර්දනය කරන්න බැහැ!