2018-02-19
ජනමාධ්‍ය කියන්නෙ වෙළෙඳපොළ ප්‍රකාශනය!
නූතන ධනේශ්වරය තුළ එතකොට ජනමාධ්‍යයට පැවරෙන වගකීම අතිශය තීරණාත්මකයි. ‘පොදු ජනයා’ අන්දවමින් වෙළෙඳපොළ බලවේග තුළ රැඳවීම තමයි එහි ප්‍රධානම කාර්යභාරය. දේශපාලන, කලා – සාහිත්‍ය, ආගමික මිත්‍යා…ආදී වශයෙන් හදන ව්‍යපෘති මගින් ලෝකය පුරාම, ඒ ජනමාධ්‍ය මෙහෙයුම ඉතා සුක්ෂම සහ දියුණු මට්ටමෙන් ක්‍රියාත්මකයි. අපේ ලංකාවෙත් එහෙමයි.
අපි ඉතිං මොකද කරන්නෙ?
‘ගුවන් විදුලිය’ ‘ලක්හඬ’ ‘රාවය’ සමග මෙන්ම අනෙක් බොහෝ මුද්‍රිත, ශ්‍රව්‍ය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා වරින් වර ලබන ඒ සජීව අත්දැකීම් නිසා තමයි අන්තිමට 2001 දි ‘නිදහස්’ පටන් ගත්තෙ, අපේ තේමාව වුණෙ ‘විකුණන්නෙත් නැති, විකිණෙන්නෙත් නැති’ කියන ඓතිහාසික දේශපාලනය. ඒත් ඒ අති දුෂ්කර මාධ්‍ය අරගලය අවුරුදු 10 ක විතර කාල රාමුවක දි අවසාන ( විරාමයක්?) වෙනව.
මේ මොහොතෙ, ඉතිහාසය විසින් අපට පැවරෙන දේශපාලන වගකීම තමයි පොදු ජනයා දැනුමෙන් සන්නද්ධ කරන එක. ඒක එච්චර සරල නැහැ! ලේසිත් නැහැ! කොහොම වුණත් ඒ අරගලය තවදුරටත් ඉස්සරහට ගෙනියන්න, අපි – වැඩි වැඩියෙන් ජනමාධ්‍ය අවකාශ හොයාගන්න ඕනෙ! ඒත් ඒ කොහොමද? පිටරටවල ඉඳගෙන ලංකාව වෙනුවෙන් අඬන – හොටු හුරන යමක් කරන්න පුළුවං ඊනියා දේශප්‍රේමීන්ට නං මේ ගැන කියල වැඩක් නැහැ. ඔවුන් අඩුම තරමෙ පස්සෙ කාලයකදි හරි ‘යමක්’ කරන්න හිතනව නං, මේ දැන් ම ඉඳල අඩුම තරමෙ දෙමළ ඩයස්පෝරාවෙන් වත් ටියුෂන් ගන්න ඕනෙ.
වෙන කවුද එතකොට ඉන්නෙ?
CHAPA
November 19, 2016

WHAT'S UP
ජනමාධ්‍ය කියන්නෙ වෙළෙඳපොළ ප්‍රකාශනය!
May 17, 2018, 15:58 pmComments Off on ජනමාධ්‍ය කියන්නෙ වෙළෙඳපොළ ප්‍රකාශනය!