මේ මොහොත වෙනකොට රට මුහුණ දී තිබෙන කුමන්ත්‍රණකාරි අභියෝගය තවදුරටත් වර්ධනය කරන ජාතිවාදී ගිනි පුපුරු තැන තැන වියරුවෙන් දිලිසෙනවා!
එක පැත්තක දෙමළ, අනිත් පැත්තෙ මුස්ලිම්, තවත් පැත්තක සිංහල – හරියටම කිව්වොත් සිංහල බෞද්ධ. පැරණි යටත් විජිත වාදය හෙවත් බ්‍රිතාන්‍ය පාලනය අන්තිමට ගිනි තිබ්බේ ලංකාවේ ජාතිවාදයට. 1930 දශකය වෙනකොට ලබාදෙන සර්වජන චන්ද බලයත් එක්ක තමයි සුද්දො ඔය ක්‍රීඩාව පටන් ගත්තේ. සිංහල දෙමළ කලු සුද්දොත් ඔය ක්‍රීඩාවට වහ වැටුනා ( මුස්ලිම් සාධකය එන්නෙ පස්සෙ..) බණ්ඩාරනායකලා, ඩඩ්ලි ලා, චෙල්වනායගම්ලා ජාතිවාදය තමන්ගේ දේශපාලනය කරගන්නකොට ප්‍රභාකරන්ලා තුවක්කු බෝම්බ වලින් ඒ වැඩේම වෙන විදියකට පටන් ගත්තා. ඒ අස්සේ මුස්ලිම් ජාතිවාදය ව්‍යප්තවාදයක් වුණා. රට, UN උගුලට වැටිලා, මූල්‍ය ආයතනවල හිරවෙලා, ඇමෙරිකානු දේශපාලනයට අනුව රූකඩ රාජ්‍යයක් බවට පත් වෙනකොට යුද්ධය එහි මෙහෙයුම් උපකරණයක් වෙන්නෙ එහෙමයි. යුද්ධය ඉවර වෙනකොට ඔය ජාතිවාදී හොල්මන් වලට පණ පෙවෙන්නෙත් කුමන්ත්‍රණකාරි විදියට. යුද්ධය පිටිපස්සේ වගේම ඊනියා සාමය පිටිපස්සෙත් ඔවුන් හිටියා. NGO (රාජ්‍ය නොවන ආයතන ) ජාලයක්ම මේ පිටිපස්සේ වැඩ! රටේ පාලන ව්‍යුහය වෙනස් කරන්න සහ එමගින් ඒකීය රාජ්‍ය බලය දුර්වල කරලා රට පෙඩරල් අකෘතියකට මාරු කරන්න තමයි ඔවුන්ට දැන් ඕන.
ව්‍යවස්ථාව වෙනස් කරන ව්‍යාපෘතිය හරහා ලංකාව දුර්වල රාජ්‍යයක් බවටත්, තම තමන්ගෙ වෙළෙඳ කොලනියක් බවටත් පත් කර ගන්න අවශ්‍ය ක්‍රියාකාරකම් දැන් පටන් අරන්. චන්ද්‍රිකා, මෛත්‍රී, රනිල්…ඒ සඳහා එකම පෙරමුණක. ඔවුන්ට ඕන රට බෙදන්න. ඉතින් ජාතීවාදිව ජනයා බෙදෙන එක තමයි ඔවුන්ට අවශ්‍ය. සිංහල – දෙමළ – මුස්ලිම් එකට හිටියොත් ඒකීය රටක් විදියට අප පවතීවී, නැත්තං අප විනාශ වේවි!
මිත්‍රවරුනි!
අපි ජාතිවාදී ගිනි පුපුරු නිවමු!
ඒකීය රටක එකට ජීවත් වෙන හැටි ඊනියා ජාත්‍යන්තරයට කියාදෙමු!!
CHAPA
January 23, 2016