අලුත් අවුරුද්දට ඉතිං නෑ ගම් යන සිරිත හොඳ එකක්, ඔබත් එහෙම යන්න ඇති. තව ඉතිං දවස් තියෙනවානෙ. දිගටම එහෙම ගමන් දාගෙන ත් ඇති.
ඔබ නෑදෑයන්ට කැමතියි නෙ. හැබැයි මොන නෑදෑයින්ට ද? වැඩිපුරම කැමති, ඇති හැකි සහ පෙනුමට ඉන්න කට්ටියට නේද?
මේ දවස්වලවත් හොඳට කල්පනා කරලා, ඔබේ පවුල්වල නැති බැරි කම් තියෙන සහ විවිධ හේතු මත ඔබට මඟ හැරිච්ච නෑදෑයො ඉන්නවා නං, හොයාගෙන යන්න උත්සහ කරන්න. ඔබ විනෝදයට වැයකරන දේ කළමනාකරණය කරගෙන, එහෙම අයටත් මොනවා හරි සතුටු හිතෙන දෙයක් ගිහිං දෙන්න.
විශේෂයෙන්ම ඒ පුංචි ළමයි!
අපි ඇත්තටම උත්සහ කරන්න ඕනෙ, පුළුවන් තරම්, පුංචි ළමයින්ට ආදරය, කරුණාව, බෙදා හදා ගැනීම ගැන කියලා දෙන්න. වඩා යුක්තිසහගත සමාජයක් ගොඩ නගන්න, ඒ ක්‍රමයත් යම් පමණකට හෝ හේතුවක් වෙයි , නොදන්නා මොහොතක.
පවතින ආර්ථික තත්ත්වයන් තුළ ඒක එච්චර පහසු නැහැ, ඒත් උත්සහ කරන්න පුළුවන්. අඩුම තරමෙ, ඔබ විනෝදය වෙනුවෙන් වැඩිපුර යමක් වැය කරනවා නං, මේ ගැනත් ටිකක් හිතන්න!
CHAPA

Previous Postඡායාරූප, කවි වුණා. කවි, ඡායාරූප වුණා...
Next Post''උඹලාව මරා දාපු කුණු කන්දෙ අපේ කුණුත් ඇති! අපට නං සමාව දෙන්න එපා!''