ඥාණසාර හාමුදුරුවෝ රිමාන්ඩ් භාරයට පත් වෙනවත් එක්කම ජාතිවාදය පිළිබඳ දේශපාලන සාකච්ඡාව තවත් තීව්ර වෙනවා.
හෝමාගම උසාවි භූමිය නොසන්සුන් වෙනවා – අගමැති රනිල්ට ලැජ්ජ හිතිලා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනවා – කට්ටියක් නියම වැඩේ! කියලා හිනාවෙනවා – කට්ටියක් යහපාලනයට සාප කරනවා – හුගක් අයට මේ එකක්වත් වැඩක් නැහැ.
ඇත්තටම රටට මොකද්ද වෙන්නේ?
සිංහල, දෙමළ, මුස්ලිම්,,,ජාතිවාදී – අන්තවාදී කොටස් රට පුරා. දෙමළ – මුස්ලිම්, විශේෂයෙන්ම මුස්ලිම් කණ්ඩායම් තමන්ගේ අරමුණු වලට උපක්‍රමශීලිව ගමන් කරනවා. එකිනෙකා අතර ප්‍රශ්න තිබුණත් වෙන වෙන ම ඔවුන්ට ඕන රාජ්‍ය පාලන බලය, ස්වයංව හදාගන්න.වීගෙන යනවා.
රාජපක්ෂ පාලනය, යුද ජයග්‍රහණය දේශපාලනිකව වටහා ගත්තේ නැති නිසා UN ප්රමුඛ ඇමෙරිකානු – ඉන්දියානු උගුලට රට ලෙහෙසියෙන් ම අහුවෙනවා.
සම්පත් කොල්ලකෑම සහ වෙළද පොළ පුලුල් කර ගැනිම තමයි ඔවුන්ගෙ පොදු අරමුණ. චීන සාධකයට එරෙහිව කලාපය සංවිධානය කිරිම මෙන්ම ලංකාව යුද උපකරණක් හැටියට යොදාගන්න හැටිත් ඔවුන් වෙන වෙනම සැලසුම් කරනවා. චන්ද්‍රිකා – මෛත්‍රී – රනිල් NGO ව්‍යාපෘතිය, ඒ කොන්ත්‍රාත්තුව යහපාලනය නමින් ක්‍රියාත්මක කරනවා.
මේ අනුව රටේ ‘පැවැත්ම’ වගේම පැවැත්මේ ප්‍රධාන සාධකය වන ‘යුක්තිය’ විකෘතියක් බවට පත් වෙනවා. ත්රස්තවාදයට සමාව ලැබෙන්නෙත, රාජ්‍ය හමුදාවන් වැරදි කරුවන් බවට පත් වෙන්නෙත්, FCID දඩයම පටන් ගන්නෙත්, HNDE ශිෂ්‍යයන්ට පහර දෙන්නෙත්, ඇඹ්ලිපිටියේ පොලිස් ඝාතකයන් නිදැල්ලේ ඉන්නෙත්, හිරුනිකාට සහ ඇයගේ ඩිපෙන්ඩරයට අනුකම්පාව ලැබෙන්නෙත්, එකනැලිගොඩ වංශ කතාවක් බවට පත් වෙමින් ඥාණසාර හාමුදුරුවෝ ඇතුළට යන්නෙත්… ‘යුක්තිය පිළිබඳ විකෘතියට’ අදාළව.
කොහොම උනත් අවසාන විග්‍රහයෙදි ලංකාව තමන්ගෙ කොලනියක් බවට පත් කරගන්න හදන උන්ට ඕන මේ ටික මෙහෙම වෙන්න තමයි.
වැඩේ තියෙන්නේ, තමන්ගේ ප්‍රකාශ ඒ බලවේග විසින් නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරද්දීත්, හෑල්ලුවට ලක් කරද්දිත් ජනාධිපති මෛත්‍රීට ඒ ගැන කිසිදු හැගිමක් නැති වීම.
මේ, නොසිතමි පවතිමි! ද?
CHAPA
January 26, 2016