කෑම ඕන ජීවත් වෙන්න…
ජීවත්වෙන්නෙ කන්න, කියලා හිතන අයත් අප අතර ඉන්නවා. ඒ වගේම කෑම කනවා හෝ විශේෂයෙන්ම ගිල දානවා නෙවෙයි, විඳින්න ඕනෙ. අපි මුහුණ දෙන හුඟාක් රෝගාබාධවලටත් අපේ කෑම සහ එහි විධික්‍රම බලපාන බව දැන් අමුතු කතාවක් නෙවෙයි.
කෑම, එක පැත්තකින් විද්‍යාවක් සහ අනිත් පැත්තෙන් කලාවක්.
ලංකාවෙ අපට අනන්‍ය කෑම සංස්කෘතියක් ඉතිහාසය පුරාම තිබිලා තියෙනවා. සමබල සහ රස කෑම! ඒ යුගවල ඉතිං වස විස තිබුණෙ නැහැනෙ. ස්වභාවික කෑම වර්ග තමයි. ඒවායේ ඖෂධ ගුණයත් ඉහළයි. දැන් ඒ ‘අහාර සංස්කෘතිය’ ඉතිහාස කතාවක් විතරයි. අපි කිසිම බයක් නැතුව මේ මහා පොළොව වස විස වලින් හෙම්බත් කරවලා. ඒ ඛේදවාචකය ගැන වෙනම කතා කරන්න ඕනෙ.
දැන් ඉතිං, පවතින තත්වයන් ඇතුළෙ මොනවද අපි කන්නෙ? හරියට බැලුවොත් මොකුත්ම නැති ගානයි. ගමේ හැදෙන වී, එළවළු, පළතුරු…ඒවායෙත් වස විස. එහෙම නං කරන්න තියෙන්නෙ, වස විස අඩු ස්වාභවික කෑම වර්ග තම තමන්ගෙ මට්ටමෙන් හොයාගන්න උත්සහ කරන එක. එහෙම වගාවන් කරන අය ධෛර්යමත් කරන එක. ගෙවත්තෙ වැවෙන දේවල් ගැනත් පුළුවන් තරං උනන්දු වෙන්න, ගෙවතු වගාව හොඳ විනෝදාංශයක් එක පැත්තකින්. මේ යෝජනා ඉතිං තට්ටු ගෙවල් වල ඉන්න අයට සහ විශේෂයෙන් විදේශගත වූ ඔබට ප්‍රයෝගික නැහැ.
බෝතල් කළ බීම වර්ග, ටින් කළ කෑම වර්ග සහ වස විස තියෙන බව දැනගන්න හැම කෑමක්ම අත් හරින්න උත්සහ කරන එක. මේ වැඩේ කියන තරං ලේසි නැහැ. හැබැයි පොඩි ළමයින්ට නං ඔය පාර කියා දෙන්න ලේසියි. අනේ!
එයාලට වස විස සහිත කෑම වර්ග, පළතුරු… දෙන්න නං එපා, පව්!
ඊළඟට කන ප්‍රමාණය ගැනත් සැලකිලිමත්වෙන්න ඕනෙ. සමහරු කන්නෙ, මේ දැන් ලෝකය විනාශ වෙන්න යනවා, මේ මගෙ අන්තිම කෑම වේල! කියලා වගෙ.
quantity නෙවෙයි quality. මතකනෙ, පෙරේත කමට නං කන්න එපා!
උත්සහ කරලම බලමු!
CHAPA