”කොහොමද, මොනවද ඔහේ වෙන්නෙ?”
කාලයකට පෙර ඕස්ට්‍රේලියාව ට ගිය මිත්‍රයෙක්, අන්තර්ජාලය හරහා කතා කරමින් ළඟදි ඇහුවා.
”ඉන්නවා ඉතිං, වැඩ කරගෙන යනවා…”
එහෙම ඇහෙන සුපුරුදු ප්‍රශ්නය ට මගෙන් නැගෙන සුපුරුදු පිළිතුර.
”උඹලා කරන දේවල් මම දිගට ම බලනවා, නියමයි…උඹේ හැම වැඩසටහනක්ම වගෙ ඉතිං You Tube වලින් හොයාගෙන පස්සෙ හරි බලනවා…”
”ඒ ගැන සතුටුයි…”
”ඒ වුණාට මචං…උඹලා එකතුවෙලා මීට වැඩිය යමක් කරන්න ඕනෙ…මං කියන්නෙ, මේ උඹලගෙ රට…”
මේ උඹලගෙ රට!?
ඒ කතාව මගෙ හිතට වැදුණා.
”උඹලට යන්න, වෙන රටක් නැහැනෙ…ඉතිං ඔය රට නැතිවෙන්න දෙන්න එපා…දැන් බලපන් මේ රටවල්! මිනිස්සු පාරෙ යන්න දන්නවා, රටට ආදරෙයි, වැඩ කරනවා…ම්නිස්සු අවංකව රටට සේවයකරනවා, කොටින්ම ගන්න පඩියට වැඩ කරනවා…ඔය රටේ එවුන් එහෙම නෙවෙයි…”
ඔහු කියාගෙන යනවා.
ඔහේ, උඹලගෙ රට, උඹලා කරන දේවල්, උඹේ, උඹලා එකතුවෙලා, මේ උඹලගෙ රට, උඹලට යන්න, ඔය රට, ඔය රටේ එවුන්!
”ඇයි ඉතිං, උඹලගෙ රට කියන්නෙ? මේ ඔයාගෙත් රටනෙ…”
අහගෙන ඉන්න අමාරු ම තැන මම ඇහුවා.
”ආ! Sorry මචං…අනේ මට ඔයාට කියන්න බැරි වුණා, මට ඕස්ට්‍රේලියාවෙ පුරවැසිකම ලැබුණා..මම දැන් ඕස්ට්‍රේලියන් සිටිසන්…”
”එහෙමද?එතකොට මෙහෙ ගෙවල් දොරවල්?”
”ඒවා විකුණලා දැම්මා මචං, අපි ෆැමිලි එකම මෙහෙනෙ”
නෑදෑයෝ?
මම එහෙම එහුවෙ නැද්ද මන්දා!
”ඕස්ට්‍රේලියන් සිටිසන්!?”
”ඔව් අනේ…ඉතිං ඉතිං! මොනවද අපි කිය කියා හිටියෙ? ”
මම එතකොටම call එක cut කෙරුවා, තරහකට නෙවෙයි, නිකමට වගෙ!
CHAPA