විදේශ ගත ශ්‍රමිකයන් තමයි මේ රටේ ප්‍රධානම විදේශ විනිම පංගුව උපයන්නෙ!
ඒත් ඔවුන් වෙනුවෙන් මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයයෙ ප්‍රබල සහ සාධනීය මැදිහත්වීමක් නැහැ. මේ නිසාම ඔවුන්ට සිද්ධවෙන අසාධාරණකම්, අකටයුතුකම්සහ ඇතැම් විට අමානුෂික වධ හිංසා එන්න එන්නම වැඩි වෙනවා.
දැන් ඒවා නිකං සාමාන්‍ය තත්වයන් බවට පත් වෙලා.
අපට යම් ජනමාධ්‍යයක් තියෙනවා නං, විශේෂයෙන්ම රුපවාහිනී නාලිකාවක්, මේ තත්වය වෙනස් කරන්න අවශ්‍ය ප්‍රබල මැදිහත්වීමක් කරන්න පුළුවන්, ඒත් කෝ එහෙම අවස්ථාවක්?!
පහුගිය කාලය තුළ Colombo tv ඔස්සේ විකාශය වූ ‘සේයා’ සජීව වැඩසටහන තුළින් අපට එවැනි යම් ප්‍රබල මැදිහත්වීමක් කරන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම, විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක දිගට ප්‍රශ්න කරන්න පුළුවන් අවස්ථාවක් ඒ හරහා මතු වුණා. මම ඒ වැඩසටහන් වලට ගියේ අතින් වියදම් කරගෙන. ඒත් මොකක් හරි හේතුවක් මත, හදිසියේම ඒ මාධ්‍ය ආයතනය ඒ වැඩේ අත හැරියා.
මේ සටහන තියන්න හේතුව, ඒ වැඩසටහන ඔස්සේ මා දැන හඳුණා ගත් විදේශ ගත යම් යම් සහෘදයන් තවමත් ඔවුන්ගෙ ප්‍රශ්න සහ කරදර ගැන මට තොරතුරු එවීම. එවැන්නන් ඉඳ හිට මට දුරකථනයෙන් කතා කරමින් පවා තම තමන්ගෙ කරදර ගැන කියනවා.
ඉතිං කෝ ඒවා ගැන කතා කරන්න ජන මාධ්‍යයක්? කාටද දැන් මේ දේවල් ඕනෙ? මාර ප්‍රශ්නයක්!
මම දිගටම කල්පනා කරනවා…
ඒ අතරම, එහෙම කරදර වලට මුහුණ දෙන අය වෙනුවෙන් මොකුත්ම කරන්න බැරුව ඉන්න එක ගැන සමාවෙන්න!
CHAPA

WHAT'S UP
විදේශ ගත ශ්‍රමිකයන් වෙනුවෙන් අපට මොකුත්ම කරන්න බැහැ?!
May 09, 2017, 15:26 pmComments Off on විදේශ ගත ශ්‍රමිකයන් වෙනුවෙන් අපට මොකුත්ම කරන්න බැහැ?!