පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සෙ සැමරෙන, අද මේ වෙසක් උත්සවය, ආගමික සංහිඳියාවක් නිරූපණය කරන්න ඕන අවස්ථාවක් හැටියට සමහරු කල්පනා කරනවා, ඒ අනුව කතෝලික සහ ඉස්ලාම් පූජකවරුත් වෙසක් සැරසිළි වලට සහභාගි වෙමින් ”මොකක් හරි යමක්” කරන්න වෙර දරන බව පේනවා.
ජනප්‍රිය ජනමාධ්‍ය තුළත් එවැනි ආකර්ශනීය පුවත් හැදෙමින් තියෙනවා, අද රෑ ප්‍රවෘති විකාශ තුළ ඒ සඳහා වැඩි ඉඩකුත් වෙන් වේවි.
රටේ පවතින ඉස්ලාම් ත්‍රස්තවාදය ට අදාළ අනතුරුදායක තත්ත්වය මේ විදිහට කළමණාකරණය කරගන්න පුළුවං කියල කවුරු හරි හිතනවා නං ඒක මහා විහිළුවක්. හේතුව ආගමික සංහිඳියාව සහ ඉස්ලාම් ත්‍රස්තවාදය අතර කිසිම තර්කානුකූල සම්බන්ධයක් නැහැ. අනෙක මේ රටේ කිසිදු ආකාරයක ආගමික ගැටුමක් නැහැ. ව්‍යවස්ථාවෙන් ම සියළු අගම් ඇදහීමේ අයිතිය අනෙක් රටවලට වඩා පැහැදිලිව අපේ රට තහවුරු කරල තියෙනවා. ඉඳ හිට ඇති වන යම් යම් ගැටුම්කාරී සිදුවීම්, තවත් දේශපාලන සහ ව්‍යාපාරික ව්‍යාපෘති සමග සම්බන්ධයි. ඒවා කිසි සේත්ම රටේ පොදු ජන මනස නිරූපණය කරන්නෙ නැහැ, සමහරු එහෙම පෙන්වා දෙන්න උත්සහ ගත්තත්!
හරියට ම බැලුවොත් වෙලා තියෙන්නෙ රටේ මහ ජාතිය නියෝජනය කරන සිංහල බෞද්ධ ජනයාට වැඩි අසධාරණයක් සහ අනෙක් සෙසු ආගමිකයන් ට වැඩි සාධරණයක් ලැබී තියෙන එක. ඊනියා ජාත්‍යන්තරය පෙනී හිටින්නෙත් ඒ අනෙක් ආගමිකයන් වෙනුවෙන්. ඒ අතර ලැබෙන සෑම අවස්ථාවකදිම සිංහල බෞද්ධයන්ට පහර ගැසීමටත් ඔවුන් වේගයෙන් ඉදිරිපත් වෙනවා. බලන්න බොහෝ විදේශ මාධ්‍ය වාර්තා! ඔවුන් එහෙම කරන්නෙ, මෙරට ‘රාජ්‍යයේ’ ඓතිහාසික සංස්කෘතික පදනම බිඳීමේ එකම අරමුණෙන්.
වැඩේ තියෙන්නෙ උපතින් සිංහල බෞද්ධයන් වූ සෑහෙන පිරිසකුත් පොෂ් දේශපාලන රූකඩ බවට පත් වී දිවි නහ ගනිමින් ඉන්න එක.
සංවාදය වඩා පුළුල් තැනකට ඔසවන්න මෙහෙම කියන්නං!
එක්කෝ සියළු ආගම් පසෙක ලා ගැඹුරු අර්ථයෙන් සමාජවාදී ලෝකයක් ගොඩ නගන්න ඕන! ( දැනට ලෝකයේ කොහේවත් නැති! ) එහෙම නැත්තං පවතින ඓතිහාසික තත්ත්වයන් මත ප්රජාතන්ත්රවාදී ලෝකයක් ගොඩ නගන්න ඕන. වෙන විකල්පයක් නැහැ. දැන් වෙලා තියෙන්නෙ, සර්ව ආගමික රෙද්දක් ගැන කියමින්, සිංහල බෞද්ධ ජනයාට සියළු වරද පටවමින්, අනෙක් ජාති සහ ආගම් යොදාගෙන වෙන ම ”දේශපාලන ගේමක්” ගහන එක.
මේ සංවාදය ඉතා සංකීර්ණ එකක්!
දැනට රටේ පාලකයින්ට මෙහෙම කියන්නං.
සර්ව ආගම් කෝලං නවත්තලා සහරාන්ලාගෙ මෙරට ස්වාමිවරු අත් අඩංගුවට අරගෙන ඔවුන්ගෙ දේශපාලන බලය සහ කූට විදේශ සම්බන්ධතා බිඳින්න අවශ්‍ය වැඩ කටයුතු වහා කරපල්ලා!
නැත්තං උඹලගෙ සර්ව ආගමික කෝලං නටන්නවත් රටක් ඉතුරු වෙන්නෙ නැහැ!
CHAPA
May 18, 2019

WHAT'S UP
සර්ව ආගමික වෙසක් කෝලම වෙනුවට…
May 18, 2019, 12:22 pmComments Off on සර්ව ආගමික වෙසක් කෝලම වෙනුවට…
Previous PostLast hope we had for justice was lost...
Next PostUN troubles waters for fishing in Sri Lanka!