අගමැති රනිල්ගෙ දේශපාලන භාවිතය, චතුරලාගෙ සංඛ්ලාගෙ මාධ්‍ය භාවිතය!

අගමැති රනිල්, දෙරණ නාලිකාව ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න පටන් අරන්. දෙරණ චතුර සහ සංඛ තමයි ආසන්නතම හේතු සපයන්නේ. චතුර සහ සංඛ දෙරණ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන්. පත්තර කියවන එක ඇතුළු තවත් වැඩසටහන් ඔවුන් ඉදිරිපත් කරනවා. මේ මාධ්‍ය භාවිතය ගැන තමයි අගමැතිවරයා විවේචනය කරන්නේ. අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරෙන විදිය සහ අනුගමනය කරන ආඥාදායක ක්‍රමය ප්‍රජාතන්ත්‍ර වීරෝධී. ඒ වගේම චතුර සහ සංඛගේ මාධ්‍ය භාවිතයත් ගැටලු සහගතයි. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිම විශේෂ වෘත්තියමය වැඩක්. ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් තම පුද්ගලික හැගීම් ප්‍රවෘත්ති සමඟ ගලපා ප්‍රදර්ශනය කිරිම යහපත් මාධ්‍ය භාවිතයක් නෙවෙයි. එය වෘත්තිමය නැහැ. පුවත්පත් කියවීමේදිත් එය යම් සංයමයකින් කරන්න ඕන. එවැනි ප්‍රවෘත්ති විශේෂාංගයකදි පුද්ගලික හැගිම් පෙන්නන්න පුලුවන් උනත් එය විචාරවත්ව සිදු වෙන්න ඕන. වචන භාවිතයත් අතිශය වැදගත්. විශේෂයෙන්ම, වඩා කැපී පෙනෙන, දන්නෝ බුදුන්ගේ ඔපෙරා නිර්මාණය ගැන ඔවුන් ඉදිරිපත් කරපු විවේචන ප්‍රාථමිකයි. ඒ විවේචනය මීට වඩා විද්‍යත්මකව සිදුවෙන්න ඕන.

මගෙ පුද්ගලික අත්දැකමේ හැටියට දෙරණ ඉතා හොඳ මාධ්‍ය අවකාශයක්. එහි වැඩ කරන අයට උපරිම නිදහසක් තියෙනවා – නිදහසට අරුතක් නොදුන්නොත් යහපතක් වෙන්නෙ නැහැ. කොහොම වුණත් අගමැති රනිල් ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කරන්නත් චතුරලා සංඛලා මාධ්‍ය භාවිතය සංවර්ධනය කරන්නත් මැදිහත් වෙන්න ඕන. වැදගත්ම දේ ‘දැනුම’! එහෙම නොවුණොත් හැදෙන්නෙ ලොකු හිඩැසක්. ඒ හිඩැස බියකරු අත්දැකීම් වලින් පිරෙන්නත් පුලුවන් !?
CHAPA
February 13, 2016