රාජාංගනය වැවට ‘ජල රකුසො’ එන්න කලින්…

2018-03-01
රාජාංගනය වැව, ජල බෝතල් ව්‍යාපෘතියක් සඳහා චීන සමාගමකට ලබා දීමේ සැලැස්මකට එදිරිව, 2018 පෙබරවාරි 28 දින, තඹුත්තේගම අවට ගම් වාසීන් කළ උද්ඝ්ෂණය පොලීසිය යොදා අමානුෂික ලෙස මර්දනය කිරීම අපි, පිළිකුලෙන් යුක්තව හෙළා දකිමු!

නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලීසියේ වගකීම මුත්, තමන්ට ඉහළින් ලැබෙන උපදෙස් පමණක් අන්ධ ලෙස පිළිපැදීම වෙනුවට පොලීසිය මීට වඩා සමාජ සංවේදී ආකාරයෙන් කටයුතු කළ යුතු බව අපි තව දුරටත් අවධාරණය කරන්නෙමු!

ඒ අතරම, මහ ජනයා මෙසේ අනතුරේ හෙළීම සම්බන්ධ වගකීම මුළුමනින්ම ආණ්ඩුව සහ රාජ්‍ය තන්ත්‍රය භාර ගත යුතුය.

කලා ඔය හරස්කොට බැඳී වේල්ලකින් නිර්මාණය කොට ඇති රාජාංගනය වැව, අක්කර 19 500 ක් වූ කුඹුරු සඳහා ජලය සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාරි ක්‍රමයකි. අනුරාධපුර දිස්ත්‍රීක්කයේ විශාලතම වාරි ක්‍රමය වන්නේ පදවිය ජලාශය වන අතර රාජාංගනය වැව දෙවැන්නයි. එහි ජල ඝනත්වය සාමාන්‍යයෙන් අක්කර අඩි 81 000 ක් බව සඳහන්.

යෝජනා වී ඇති චීන ජල ව්‍යාපෘතිය සඳහා දිනකට ජලය අක්කර අඩි 50 ක් පමණ අවශ්‍ය වන අතර එය මාසයකට අක්කර අඩි 1500 කි.

ඒ අනුව, යම් හෙයකින් මෙම ජල වෙළඳාම ආරම්භ වුව හොත්, එක කන්නයකදී පමණක් ජල අක්කර අඩි 9000 ක් අහිමි වීමෙන් කුඹුරු අක්කර 2000 ක් විනාශ වී යෑමට නියමිතය. එසේම චීන සමාගම් ලෝකය පුරා සිදුකරන වෙළෙඳ ආක්‍රමණයන් හී ස්වරූපය අනුව, මෙය රටේ දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන, ”ජලය ඒකක මිලකට යටත් කරන ඓතිහාසික වෙළෙඳ කුමන්ත්‍රණය” වඩා වේගයෙන් ක්‍රියාත්මක තලයට පැමිණෙන එක් තීරණාත්මක ඉදිරි පියවරක් වීම අනිවාර්යය.

බැවින් එය පරාජය කිරීමට පක්ෂ පාට ජාති කුල මල පසෙක ලා රටක් ලෙස එකට නැගී සිටිය යුතු බව අපි තව දුරටත් අවධාරණය
​ කරන්නෙමු!