Net work Marketing කියල පිරමිඩ ක්රමයට කෙරෙන මහා ජාවාරම සියලු ගම්බිම් හරහා වසංගතයක් වගෙ පැතිරෙනව. වීශේෂයන්ම අවුරුදු විසි ගණන්වල තරුණ පරම්පරාව මේ ජාවාරමට කොටු වෙන ප්රවණතාව වේගවත්. මේ ජාවාරම පටන්ගත්තෙ අද ඊයේ නෙවෙයි .එක වෙලාවක මේ ජාවාරමේ මහා මොළකාරයා වුණේ අජිත් නෙවාඩ් කබ්රාල්, හිටපු මහා බැංකු අධිපති. ඒ ගැන පත්තරවලත් වාර්තා පළ වුණා. අජිත් එතකොට UNP ක්රියාකාරිකයෙක්, පස්සේ ඔහු මේ ජාවාරම ගැන කරුණු අනාවරණය වන අතරෙම හෙමිට මහින්ද රාජපක්ෂට හේත්තු වුණා. මහාබැංකු අධිපති වුණා, කියවෙන හැටියට ඒ වන විට ඔය ජාවාරම ගැන CID එක පටන් අරගෙන තිබුණු පරික්ෂණ යටගහලා.
Empower traders with advanced beleggen site analytics based support systems.
දැන් ජාවාරම තවත් සියුම්. බඩු විකුණන විදියට තමයි පිරමිඩය හැදෙන්නෙ. මෙය, එක වෙලාවක රටේ ආර්ථිකය තුළ හිතාගන්න බැරි මහා හිඩැසක් හදල මිලියන ගණනක මිනිස්සු අමාරුවේ වැටෙන්න මේ ජාවාරම හේතු වෙනවා.
ඒ නිසා ජනයා දැනුවත් කරන්න! එරෙහි වන්න!
කොතලාවලලට සක්විතිලාට වැඩිය දරුණු ජාවාරම් කරයෝ තව හුගක් ඉන්නව!
සීරුවෙන් !!












