About Us
‘නිදහස්’ කතාව පටන් ගන්නෙ 2001 හරියේදී! කතාවක් කිව්වට ‘නිදහස්’ කියන්නෙ අඛණ්ඩ ඓතිහාසික ක්‍රියාවලියකට එක මොහොත වැටෙන තවත් නමක්. ධනවාදය තුළ යළි යළි ත් සූත්‍රගත වන ලෝකය ගමන් කරමින් තිබෙන අයහපත් දිශාව, වඩා යහපත් දිශාවකට හරවා ගන්නෙ කොහොමද? මේ ප්‍රශ්නයට පිළිතුරු හොයන අතීත අත්දැකීම් පිළිබඳ ඉතිහාස සටහන් අප්‍රමාණයි. විවිධ දැනුම් පද්ධති, විවිධ අත්හදාබැලීම්, ජයග්‍රහණ, පරාජයන්…එය මානව ශිෂ්ටාචාරය පුරා ඇදෙන අඛණ්ඩ ක්‍රියාවලියක්.
”ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, විවිධ ජාති වාද සහ ආගම් වාද පදනම් ව අසංවිධානාත්මක ව සංවිධානය වුණු පොදු සමාජය වගේම, ඒ පසුබිම තුළ වෙන් වී ගොනු වුණු අදේශපාලනික පක්ෂ සහ කල්ලි කණ්ඩායම් නිසා, යෝජිත ඓතිහාසික දේශපාලන සංවාදය ගොඩ නගන්න ඉතාමත් ම අමාරුයි. ඊනියා ජාත්‍යන්තරය හරහා රට තුළ විවිධ වේශයන්ගෙන් සක්‍රීය NGOs නිසා තත්වය තවත් මාරාන්තිකයි! 2018 මේ මොහොත වන විට ඒ සමාජ අර්බුදය, තවත් අමාරු තලයකට ගමන් කරමින් තිබෙනවා, කොටින් ම ධනවාදය තුළ සහ ඊට එරෙහිව පැන නගින එහිම තවත් ස්වරූපයන් හේතුවන් සමස්ත ලෝකය වගේම එහි සක්‍රිය කොටසක් වන ලංකාව ත් අවතැන් ව තිබෙන බව අප පැහැදිලි කර ගත යුතුයි.’
“ප්‍රකට Unilever සමාගම, මාබෝලෙ පවත්වාගෙන ගිය තම තේ කර්මාන්ත ශාලාව හදිසියේම වහලා, එහි සේවකයන් 810 ක් නීති විරෝධී විදිහට එළියට දානවා. ඒ සේවකයන් තම අවනඩුව කියන්න හැම මාධ්‍ය ආයතනයකටම යනවා. ඒත් වැඩක් වෙන්නෙ නැහැ, හේතුව, Unilever සමගම ඒ වෙනකොටත්, ලංකාවෙ සමස්ත මාධ්‍ය ලෝකය ම මෙහෙයවන පළමු සහ ප්‍රබල වෙළෙඳ අනුග්‍රාහකයා. ඒ සේවකයන් වෙනුවෙන් සහ ඒ සේවකයන් සමඟ free මත පටන් ගත්ත මාධ්‍ය මෙහෙයුම තමයි ඉක්මනින් ම ‘නිදහස්’ නමින් වැඩෙන්න ගත්තෙ. ඒ සටන වඩා පුළුල් තලයකට ගන්න, අපි free නමින් ම මාසික පුවත් පතකුත් පටන් ගත්තා, ඒ 2001 අප්‍රේල් 1 දා”.
‘නිදහස්’ ගොඩ නැගෙන්නෙ මෙන්න මේ සංකීර්ණ සන්දර්භය තුළ. මේ ඓතිහාසික සංවාදය වඩා සාර්ථකව ඉස්සරහට ගෙනියන්න, ජනමාධ්‍ය භාවිතයට ගන්න පුළුවන් කොහොමද? ලක්හඬ, TNL, රාවය සහ තවත් මාධ්‍ය ආයතන හරහා ලබන අත්දැකීම් මත ප්‍රශ්නය ගොනු වෙනවා. මේ ප්‍රශ්නය ට උත්තර හොයන්න නූතන තාක්ෂණය ඔස්සේ web මාධ්‍ය මැදිහත්වීමක් කරන්න මම ( අපි?) සුදානම් වුණා, ඒ free නමින්, www. freelnkanews.com තමයි ඒ වෙබ් අවකාශය. එය අභියෝග රාශියක් අතර ඉතා ම අඩු පහසුකම් මැද්දෙ සටහන් වන ආරම්භයක්. දැන් අපි, යෝජිත මාධ්‍ය අවකාශය සංවාදයක් බවට පත් කරගන්නෙ කොහොමද? 2001 අවුරුද්ද පටන් ගන්නෙ ම අන්න ඒ ප්‍රශ්නය, වඩා අදාළ කරගන්න බලකෙරෙන විදිහට.
එතැන් සිට 2011 දක්වා, පුරා අවුරුදු 10 ක් අඛණ්ඩ මාධ්‍ය අරගලයක නියැලෙන්න අපට පුළුවන් වුණා, ඒත් එය ඉතාම කටුක කාලයක්. ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, විවිධ ජාති වාද සහ ආගම් වාද පදනම් ව අසංවිධානාත්මක ව සංවිධානය වුණු පොදු සමාජය වගේම, ඒ පසුබිම තුළ වෙන් වී ගොනු වුණු අදේශපාලනික පක්ෂ සහ කල්ලි කණ්ඩායම් නිසා, යෝජිත ඓතිහාසික දේශපාලන සංවාදය ගොඩ නගන්න ඉතාමත් ම අමාරුයි. ඊනියා ජාත්‍යන්තරය හරහා රට තුළ විවිධ වේශයන්ගෙන් සක්‍රීය NGOs නිසා තත්වය තවත් මාරාන්තිකයි! 2018 මේ මොහොත වන විට ඒ සමාජ අර්බුදය, තවත් අමාරු තලයකට ගමන් කරමින් තිබෙනවා, කොටින් ම ධනවාදය තුළ සහ ඊට එරෙහිව පැන නගින එහිම තවත් ස්වරූපයන් හේතුවන් සමස්ත ලෝකය වගේම එහි සක්‍රිය කොටසක් වන ලංකාව ත් අවතැන් ව තිබෙන බව අප පැහැදිලි කර ගත යුතුයි. ‘නිදහස්’ මාධ්‍ය අභ්‍යාසය, ඉතිහාසය තුළ යළි පන ගන්වන්නෙ අන්න ඒ පුළුල් අරුතෙන්! ‘අපි’ කවු ද? අපි කරමින් සිටින්නේ කුමක් ද? අප අවට සිදුවෙමින් පවතින්නේ කුමක් ද? එන්න! අපි තව දුරටත් උත්සහ කරමු!
CHAPAbandara, Editor in Chief, ‘nidahas’ Feb 2018
CHAPAbandara
Consultant for Media &
HR Journalist / Political Activist
චාපා ගැන,
චාපාබණ්ඩාර ජනමාධ්‍යවේදියකි. දේශපාලන ක්‍රියාකාරකයෙකි. ඔහු මේ වනවිට ”දෙරණ” නාලිකාවේ සෑම සඳුදාවකම විකාශය වන 360′ සජීව වැඩසටහන මෙහෙයවන අතර, ”අද දෙරණ” රූපවාහිනී නාලිකාවේ සෑම ඉරිදාවකම රාත්‍රී 7ට විකාශනය වන ”Insight” වැඩසටහන ද මෙහෙවයි. ඔහු ඊට සමගාමීව, 2001 සිට 2011 දක්වා ප්‍රකාශයට පත්කළ මාසික “නිදහස්” පුවත්පත වෙනුවට එම “නිදහස්” මාධ්‍ය ක්‍රියාන්විතය ඉදිරියට ගෙනයමින්, සමාජ මාධ්‍ය භාවිත කරමින් (Fb – මුහුණු පොතද ඇතුළුව) “නිදහස්” සජීව සංවාද වැඩබිම, මේ වනවිට, නව තාක්ෂණය සමඟ තවදුරටත් ගොඩ නඟමින් සිටියි. ඊට අමතරව මෙරට විවිධ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවන් හි දේශපාලන මෙන්ම වෙනත් වැඩසටහන් සඳහාද ආරාධිතයෙකු ලෙස සහභාගී වෙයි.
මේ සියල්ල අතරතුර ඔහු වෘත්තිකයෙකු ලෙස, මාධ්‍ය සහ මාධ්‍ය සම්බන්ධ ක්ෂේත්‍රයට අදාළව රටේ විවිධ වෘත්තිමය ක්ෂේත්‍රවල ක්‍රියාකාරිකයෙකු හා උපදේශකවරයෙකු ලෙස ද වැඩකරමින් සිටියි. ඔහු මේ වනවිට Jetwing හෝටල් සමූහය, ගල්කිස්ස මහ හෝටලය ඇතුළුව එහි අනුබද්ධ ආයතනයක් වන Club Benthota හෝටලය, වස්කඩුව Cytrus හෝටලය, Cinnamon හෝටල් සමූහය ඇතුළු සංචාරක ව්‍යාපාරික ක්ෂේත්‍රයට, Maxies ආයතනය, Bogala Graphite සහ AVANT Premier වැනි වෙනත් ප්‍රමුඛ පෙළේ ආයතන රැසකට තම වෘත්තියමය දායකත්වය ලබා දී තිබේ. ඔහු තම මාධ්‍ය ක්‍රියාන්විතය ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලක්හඬ ගුවන් විදුලිය, රාවය පුවත් පත සහ TNL රුපවාහිනිය හරහා වන අතර, ඊළගට, රාවය ට සාක්ෂියක්, Army ආමි, ජල රකුසන්ට එරහිව සහ කූඹි ඇතුළු ග්‍රන්ථ රැසක්ද රචනා කර තිබේ.