Ayubowan!

Ayubowan!

අද 2020 ඔක්තෝබර් 30!
අපි ‘නිදහස්’ සංවාද වඩ බිමේදි දැනටම්ත් සාකච්ඡා කරමින් ඉන්න විදිහට, ශ්‍රී ලංකාව, අපේ මව්බිම, ඉන්දු ශාන්තිකර කලාපීය කළු මෙහෙයුමට ගොදුරු වීමේ අවදානම එන්න එන්න උත්සන්න වෙනවා. චීන One Belt. One Road ව්‍යාපෘතිය සහ ඊට එර්හිව ඉන්දියාව සමග සන්ධානගතවන ඇමරිකාව. 
           භූ දේශපාලනික සන්දර්භය තුළ, චීනය සහ ඉන්දියාව, ශ්‍රී ලංකා භූමියෙ, තම තමන්ගෙ පංගු බේර ගන්න හදන අතරෙ ඇමරිකාව මේ භ්හූමිය ඊ ළඟ ඩියාගෝ ගාශියාව කරගන්න තමන්ගෙ මෙහෙයුම් දියත් කරලා. දශක කීපයක් රට පාලනය කළ සහ කරමින් ඉන්න රූකඩ පාලකයො සහ උන්ගෙ තැරැව් කරුවො මේ මහා දේශපාලන ඛේදවාචකයට වග කියන්න ඕන.
           ශ්‍රී ලංකාවෙ, අපේ මව් බිමේ ඉතිහාස කතාවට අනුව අනිවාර්‍යයෙන්ම මේ මහා දේශපාලන ව්‍යසනයට එරෙහිව මහජනතාව නැගිටිනවාමයි! අන්න ඒ බලාපොරොත්තුව සහ විශ්වාසය අනුව අපේ ‘නිදහස්’ සංවාදය ඉදිරියටම!
ඇමරිකානු රාජ්‍ය ලේකම් මාක් පොම්පියෝ ඇවිත් ගියාට පස්සෙ සමහරු අහනවා, කෝ පොම්පියෝ MCC අත්සන් කෙරුවද? නෑ නේද? අපේ ජනාධිපති එහෙම ඇමරිකාවට ඕන ඕන දේ කරන්නෙ නෑ! කියලා!
රට මුහුණ දී තිබෙන විජාතික බලවේග ආක්‍රමණය එච්චර සරල නැහැ. MCC කියන්නෙ ඉඩම් කොල්ල කන කොටස.  ඒ සඳහා, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හරහා, 2019 ජූනි 12 ”ඊනියා ජාතික භෞතික සැලැස්මක්” අති විශේෂ ගැසට් පත්‍රයකින් සම්මත කර ගැනීමෙන්ම ඔප්පු වෙනවා, වෙන වෙන විකල්ප මාර්ගත් ඒ සඳහා යොදා ගන්න බව. 
ඒ වගේම ACSA සහ SOFA ගැන අපි දැඩි අවධානයක් යොමු කරන්න ඕන!
2017 අත්සන් කළ ACSA හරහා ඇමරිකානු හමුදාවන්ට මේ රටට ඇතුළු වෙන්න අවශ්‍ය බලය දින කාලයක් නොමැතිව ලබා දෙන්න එදා ඊනියා යහපාලනය පියවර ගත්තා. කොටින්ම ශ්‍රී ලාංකේය රාජ්‍ය නොසලකා හැරලා ඇමරිකානු හමුදා නායකයන්ට ශ්‍රී ලාංකේය හමුදා මෙහය වන්න අවශ්‍ය පසු බිමත් ඒ හරහා සකස් වෙලා තියනවා. 
එය රටකට එල්ලවිය හැකි මාරාන්තික තත්ත්වයක්!
           ඊ ළඟට SOFA!
එය ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජිත ගිවිසුමක්. ශ්‍රී ලංකාවෙ විදේශ කටයුතු අමාත්‍යංශයෙ නිලධාරියෙක් ඒ ලියවිල්ල ලද බව දැන් වූ සැනින් එය ක්‍රියාත්මක  වෙන්න නියමිතයි කියල ඇමරිකාව ඒ කෙටුම් පතේ 14 වැනි වගන්තියෙන් අවධාරනය කරනවා. ඇමරිකාවට හෝ ශ්‍රී ලංකාවට මේ රටේ මහජන පරමාධිපත්‍ය සමග එහෙම සෙල්ලං කරන ඉඩ දෙන්න බැහැ.
            SOFA බලපාන්නෙ මේ රටට ඇතුළුවන ඇමරිකානුවන්ට පමණක් නෙවෙයි. ඔවුන් තම කටයුතු සඳහා මේ රටට රැගෙන එන සියළු ජාතිකයන්ට. ඇමරිකානුවන්ට සහ ඒ ඒජන්තවරුන්ට අපේ මව් බිම පුරා අවි අත දරාගෙන යන්න සැරිසරන්න ඉඩ ලබා ගන්න හදනවා. ඔවුන් මේ රටේ කිසිම ලියාපදිංචි කිරීමකට, බලපත්‍ර ලබා ගැනීමකට, අදාළ ගාස්තු හෝ බදු ගෙවීමකට එකඟ වෙන්නෙ නැහැ. ඇමරිකානු හමුදා අවනත වෙන්නෙ ඇමරිකානු හමුදා නියාමනයට මිසක් ශ්‍රී ලංකාවෙ රාජ්‍ය නියාමනයට නෙවෙයි. ඔවුන් අතින් සිදුවන කිසිම අපරාධයක් විමර්ශනය කරන්න ශ්‍රී ලංකාවට අධිකරණ බලයක් දෙන්නෙ  නැහැ! ඒ කියන්නෙ ඇමරිකානු හමුදාවන්ට මේ රට තුළ මිනී මරල, සමූල ඝාතන කරලා, ස්ත්‍රී දූෂණ කරලා නිදහසේ ආපහු යන්න පුළුවං!
අපි මේ රටේ මහජනතාව හැටියට මේ දේශපාලන ඛේදවාචකයට ගොදුරු වෙන්නෙ නැහැ අපේ අනාගත පරම්පරාවන් බිළි දෙන්නෙත් නැහැ!
ඒ නිසා MCC ගැන උනන්දු වන අතරෙ මේ මිලිටරිමය ශෝඛාන්තය ගැනත් අපි අවදියෙන් ඉන්න ඕන!
 සූදානම් වෙන්න! මේ අපේ මව්බිම!



Leave a Reply

Your email address will not be published. Required fields are marked *