Euro Call එකක්…!

‘මම මුලින්ම ඔබ තුමාට මාව හඳුන්වලා දෙන්නං…”
ඉතාලි ඇමතුමක්, පැහැදිලි හඬක්! මං සවන් දෙන්න පටන් ගත්තා.
”මං දෙමළ, ඒ කියන්නෙ මගෙ තාත්තා දෙමළ අම්මා සිංහල…අපි හිටියෙ වවුනියාවෙ, අපේ තාත්තා පොලිසියෙ…ඒ නිසා human rights violation ගැන මට හොඳ අත්දැකීම තියෙනවා…කොහොම හරි මං දැන් ඉන්නෙ ඉතාලියෙ…”
”ම්ම්ම්…”
ඇයි මේ විස්තර ඔහු මට කියන්නෙ? මං කල්පනාකරනවා.
”මං ඔබ තුමාගෙ You Tube videos දිගටම බලනවා, ඉතිං මං හිතුවා ඔබ තුමාට කතා කරන්න ඕන කියලා…!
”ඒ ගැන මට සතුටුයි!”
”ඔබ තුමා ඉතාම හොඳට පැහැදිලි කරන විදිහට, අපේ රටට දැන් අනාගතයක් නැහැ, හැම පක්ෂයක්ම කරන්නෙ බොරු! එහෙම නං අපිට බැරිද සංවිධානය වෙන්න, මට පුළුවං ඒ සඳහා අවශ්ය මුදල් හොයා ගන්න…”
”වෙනම සංවිධානය වෙන්න ඕන නැහැ! මහජනතාව තමයි සංවිධානය, බලයට එන හැම පාලකයෙක්ම හරි පාරට දාගන්න මහජන බලය යොදවන්න ඕන…!”
”එහෙම නෙවෙයි මං කිව්වෙ…අපිට බැරිද සංවිධානයක් හදලා…”
”හිතන්නවත් එපා! පවතින භූ දේශපාලනය තුළ මොන සංවිධානයක් හැදුවත් ඒක ඔය භූ දේශපාලනයෙම බළල් අණ්ඩක් වෙනවා..!”
මං ඔහුට හරස් කැපුවා.
”මං පොඩ්ඩක් පැහැදිලි කරන්නද?”
ඔහු අහනවා, මං නිහඬවම හිටියා.
”ඉතාලියෙ party leader කෙනෙකුටත් කතා කෙරුවා…අපට පුළුවං ඒ පක්ෂයෙ ශාඛාවක් වුණත් ලංකාවෙ පටන් ගන්න…ඒ හරහා අපට පුළුවං ලංකාවත් යුරෝපා සංගමයෙ රටක් බවට පත් කරගන්න, අපට පුළුවං Euro වලින් ගනු දෙනු කරන්න පටන් ගන්න…එතකොට අපේ රට වේගයෙන් දියුණු වෙනවා…!”
ඔහු කතාව ටිකක් නැවැත්තුවා.
”ඔබ මේ මොනවා කියනවද කියල මට නං තේරෙන්නෙ නැහැ, ඔබ ඉස්සර වෙලාම world politics ගැන study කරන ඕන, යුරෝපා සංගමය කියන්නෙ තනිකරම ගේම් කාරයෝ, ඔවුන් එක්ක මේ රට ගොඩ නගන්න? ඔබට…’
මම දැන් කියාගෙන යනවා.’
”මට ඇත්තටම ඔබ තුමාට වගෙ දේශපාලන දැනුමක් නැහැ…මං කිව්වෙ මට හිතෙන දෙයක් විතරයි…”
ඔහුගෙ හඬ මුලින් වගේමයි, කිසිම වෙනසක් නැහැ.
”ඔබ තේරුම් ගන්න, මේ රට ගොඩ නගන්න යුරෝපා සංගමයක් ඕන නැහැ! අළුතෙන් මොකුත්ම කරන්න ඕනත් නැහැ, මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කර ගන්න විතරමයි ඕන, ඊ ළඟට දූෂණ, වංචා, අක්රමිකතා…රාජ්ය නාස්තිය නවත්ත ගන්න ඕන, මේ රට හොඳ political system එකක් තියෙන රටක්…අපි රටට ආදරේ නැති එකයි එකම ප්රශ්නය, අපට ජාතිකත්වයක් නැහැ! සිංහල, දෙමළ, මුස්ලිම්…අපි හැමෝම එකට එකතු වෙලා රට වෙනුවෙන් වැඩ කරන්නයි ඕන!”
මං කතාවෙ වේගය වැඩි කෙරුවා.
”අපට බැරිද එහෙම නං NGO එකක් වගෙ පටන් අරගන්න…මට පුළුවං එහෙම එකකට අවශ්ය funds හොයා ගන්න…මං මේ හිතන දේවල් කියන්නෙ…ඇත්තටම මට එච්චර දේශපාලන දැනුමක් නං නැහැ…!
ඔහු ආයෙම කතා කරනවා.
”NGOs? හිතන්නවත් එපා! ඔබ මුලින්ම political knowledge එක හදා ගන්න! NGOs තමයි ලෝකය පුරාම රටවල් විනාශ කරන්න යොදවන්නෙ…! මේ රට මුහුණ දෙන මහා දේශපාලන ඛේදවාචකයට මූලිකව වග කියන්න ඕන NGOs තමයි…!”
එහෙම කියන ගමන් මං call එක cut කෙරුවා. ඔහු ආයෙත් ring කෙරුවා. මං ගත්තෙ නැහැ.
CHAPA
May 17, 2021