එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස් හුසේන් ( Zeid Al – Hussein) හෙට ( Feb 6, 2016 ) ලංකාවට එනවා! මේ තීරණාත්මක මොහොතක්!
දශක ගණනාවක් තිස්සෙ එක්සත් ජාතීන් ප්‍රමුඛ ගෝලීය වෙළෙඳ බලවේග ලංකාවටත් බලපෑම් කරනවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි දක්වා පැරණි යටත්විජිත වාදය. ඊටපස්සෙ, ‘මේ’ යටත් විජිත වාදය. ප්‍රභාකරන් දක්වා එන දෙමළ ත්‍රස්තවාදය, 71, 88-89 සන්නද්ධ අරගල, හෙරොයින් ප්‍රමුඛ මත් ජාවාරම්, අවි ගණුදෙනු, මිනිස් ජාවාරම්, ලිංගික වෙළදාම්…තව හුගක් දේවල්! ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරින් ලංකාවත් ගොදුරු කරගන්නෙ මේ මහා වෙළෙඳ මෙහෙයුම ඇතුළෙ. බලවත් යැයි කියා ගන්නා රටවල් කීපයක්, ලංකාවත් ඇතුළු සෙසු බොහෝ රටවල ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න මැදිහත් වෙන්නෙ මේ සන්දර්භය ඇතුළෙ. ඔවුන්ගේම ණය උගුලකට හිරකරලා, ඒ ණයත් හොරකම් කර කර පිස්සු කෙළින පාලකයන්ට සහ ඒ අර්බුදය ඇතුළෙම easy cash හොයන්න දඟලන ව්‍යාපාරික ප්‍රජාවට වගේම පොදු ජනයාටත් මේ ඓතිහාසික අර්බුදය කියවගන්න බැරි – ඔවුනුත් ඒ අර්බුදයේම කොටස් නිසා! ‘ගරිල්ලා මාර්කටින්’ කරන ජනමාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ( NGOs) හඩවල් හැරුණු කොට රට වෙනුවෙන් නැගෙන පොදු ජන හඩක් ඇත්තෙම නැහැ! ඉතින් හුසේන්ලට මෙහෙ ඇවිත් කරන්න බැරි මොනවද?
දැන් අපි කුමක් කරමුද ?
CHAPA
WHAT'S UP
Hussein is coming! දැන් අපි කුමක් කරමුද ?
May 17, 2018, 12:18 pmComments Off on Hussein is coming! දැන් අපි කුමක් කරමුද ?