ඊයේ දෙරණ 360 වැඩසටහනේ දී දිල්කා සමන්මලී හා චාපා බණ්ඩාර කියන දෙදෙනා සුජීව සේනසිංහ කියන දේශපාලකයා සමග කල සාකච්ඡා මෙහෙයවීම විද්‍යුත් මාධ්‍යයක සම්මුඛ සාකච්ඡාවක් හෝ සාකච්ඡාවක් ඉතා දුර්වල ආකාරයෙන් මෙහෙයවන්නේ කෙසේද යන්නට මාහැඟි උදාහරණයක්. සාමාන්‍යයෙන් විද්‍යුත් මාධ්‍යයක් සඳහා කෙනෙකුට ආරාධනා කරන්නේ ඔහු හෝ ඇය ලවා කිසියම් කාරණයක්, සිදුවීමක්, දැනුමක් ගැන සවිස්තරාත්මක තොරතුරු ග්‍රාහකයා වෙනුවෙන් ලබා ගැනීම සඳහා. එහිදී මෙහෙයවන්නා කළයුතුවන්නේ ආරාධිතයා කතා කරවීම හා ඔහුට හෝ ඇයට කතාකරන්න අවකාශය නිර්මාණය කරදීම. මැදිරියක් යනු කෙනෙකුට වැටෙන තුරු පහර දෙන බොක්සිං වළල්ලක් නොවෙන බව ලංකාවේ බොහෝ වැඩසටහන් මෙහෙයවන්නෝ දන්නේ නෑ.
වැඩසටහන සඳහා වෙන්කර ඇති ගුවන් කාලයෙන් තුනෙන් දෙකක කාලයක් වෙන් විය යුත්තේ ආරාධිතයාට. එසේ නොවන්නේ නම් කතා කරන්නේ මෙහෙයවන්නා නම් ඇයි අපි ආරාධිතයෙකු කැඳවන්නේ. ආරාධිතයා කියන දේ නිවැරදි ද නැද්ද කියන එක පවා විනිශ්චය කරන්න මෙහෙයවන්නා විනිශ්චයකරුවෙක් නොවේ. අවසාන විනිශ්චයකරුවා වෙන්නේ ග්‍රාහකයා.
මාධ්‍ය මහත්වරුනි, නෝනාවරුනි, ලැරී කිං ගෙන් හා ටිම් සෙබස්තියන් ගෙන් බේසික් දේවල් ඉගෙන මෛක්‍රෆෝනය හා කැමරාව ඉදිරියට එන්න. මීඩියා එක ලස්සන තැනක් වේවි
( උපුටා ගැනීම – Kapila M Gamage fb wall )
Kapila M Gamage නැමැත්තා ට ලියමි!
අමාත්‍ය සුජීව සේනසිංහ සමඟ, 2018 ජුනි 11 රාත්‍රියේ පැවතී, දෙරණ 360′ සංවාදය සම්බන්ධයෙන් මේ එනවිට බොහෝ දෙනා තම අදහස්, විවේචන සහ යෝජනා ඉදිරපත් කිරීම පුද්ගලිකව මා උනන්දුව ට පත් කරයි, එය ”යහපත් ප්‍රජාතන්ත්‍රවාදය” පිළිබඳ හොඳ පුර්ව ලක්ෂණයක් ලෙස, අවශ්‍ය නං ගණන් බැලිය හැකිය! ඒ අතර ඔබ ඉදිරිපත් කර තිබෙන මේ විග්‍රහය පිළිබඳ මගේ අවධානය දැන් යොමු වන්නේ, ඔබ කිසියම් න්‍යායාත්මක අගයක් මවා පෙන්වමින් කර තිබෙන ”ද්වේශසහගත අදහස් දැක්වීම” නිසාය. ජනමාධ්‍ය යනු ලෝකය පුරාම පර්යේෂණාත්මක ලෙස සංවර්ධනය (?) වෙමින් පවතින තවත් එක දේශපාලන විෂයකි. ඒ අනුව, දෙරණ 360′ ට අදාළව – රුපවාහිනි වැඩසටහනක්, විශේෂයෙන් ම රටේ ආර්ථිකය මාරාන්තික ලෙස සසල කළ ආර්ථික ඝාතක සිදුවීම් දාමයකට සම්බන්ධ බලයේ සිටින අමාත්‍යවරයෙකු සමඟ, එවැනි සංවාදයක් පැවැත්විය යුතු ආකාරය – මෙහෙය විය යුතු ආකාරය මෙන් ම එහි ආකෘතිය ද අදාළ වන්නේ යම් පර්යේෂණාත්මක තත්ත්වයකටය. උක්ත වැඩ සටහන ඉදිරිපත් කළ මාත් ඩිල්කාත් ඇතුළු දෙරණ 360′ නිෂ්පාදන කණ්ඩායම එකී මාධ්‍ය පර්යේෂණ කටයුත්ත, පවතින ”දේශපාලන මොහොත” ට අවශ්‍ය මට්ටමෙන් ගළපා සාර්ථකව සම්පුර්ණ කළ බව මම ඔබ ට යෝජනා කරන්නෙමි. ඔබ ඔය සඳහන් කරන, ” සාමාන්‍යයෙන් විද්‍යුත් මාධ්‍යයක් සඳහා කෙනෙකුට ආරාධනා කරන්නේ ඔහු හෝ ඇය ලවා කිසියම් කාරණයක්, සිදුවීමක්, දැනුමක් ගැන සවිස්තරාත්මක තොරතුරු ග්‍රාහකයා වෙනුවෙන් ලබා ගැනීම සඳහා. එහිදී මෙහෙයවන්නා කළයුතුවන්නේ ආරාධිතයා කතා කරවීම හා ඔහුට හෝ ඇයට කතාකරන්න අවකාශය නිර්මාණය කරදීම. මැදිරියක් යනු කෙනෙකුට වැටෙන තුරු පහර දෙන බොක්සිං වළල්ලක් නොවෙන බව ලංකාවේ බොහෝ වැඩසටහන් මෙහෙයවන්නෝ දන්නේ නෑ” යන ඊනියා න්‍යාය මෙතැන දී කොහොමවත් වලංගු නැත. පෙර සඳහන් කළ පරිදි, මේ රටේ සමස්ත ආර්ථිකය විකෘති කළ මහා ආර්ථික අපරාධයක් පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමකට අදාළ මාධ්‍ය අභ්‍යාසයක් මිස විනෝදාත්මක සංවාද අත්දැකීමක් නොවේ. මම මේ දැනුදු කල්පනා කරන්නේ අමාත්‍ය සුජීව සේනසිංහ මෙහිදී සමාජ ගත කළ වැරදි අර්ථ නිරූපණ නිවැරදි කළ යුතුව තිබුණේ කෙසේද යන්න පිළිබඳවය.එය මට නං තවමත් මාධ්‍ය පර්යේෂණයකි. ඊළඟට ඔබ කියන ” වැඩසටහන සඳහා වෙන්කර ඇති ගුවන් කාලයෙන් තුනෙන් දෙකක කාලයක් වෙන් විය යුත්තේ ආරාධිතයාට. එසේ නොවන්නේ නම් කතා කරන්නේ මෙහෙයවන්නා නම් ඇයි අපි ආරාධිතයෙකු කැඳවන්නේ. ආරාධිතයා කියන දේ නිවැරදි ද නැද්ද කියන එක පවා විනිශ්චය කරන්න මෙහෙයවන්නා විනිශ්චයකරුවෙක් නොවේ. අවසාන විනිශ්චයකරුවා වෙන්නේ ග්‍රාහකයා” යන්න කිසිදු අර්ථයක් නැති කතාවකි. මේ වැඩ සටහන ට අදාළ ව, කාලය හිතා මතා, චේතනාන්විතව! නාස්ති කළේ ආරාධිතයා ය. තුනෙන් දෙකේ සුත්‍රය කෙසේ වෙතත් කාලය සාධාරණ ලෙස යොදා ගත යුත්තේ නිවැරදි තොරතුරු සමාජ ගත කිරීමට ය. ඔය ”අවසාන විනිශ්චයකරුවා යනු ග්‍රාහකයා!” යි යන ප්‍රබන්ධය සමාජ යහපත උදෙසා වන ”මාධ්‍ය වගකීමක්” බව ඔබ වැනි වැඩි හිටියෙකු තේරුම් නොගැනීම රටේ අනාගත පරම්පරාවන් හි අභාග්‍යයකි. අවසන් වශයෙන්, ඔබ සහ තවත් අය කරේ තබාගෙන සිටින ඔබ නොදන්නා ”ලැරී කිං” සාධකය වටහා ගැනීමට නං, ඔබ ලෝක දේශපාලනය සහ එහි ජනමාධ්‍ය සන්නිවේදනය, ”දේශපාලන විද්‍යාත්මකව” කියවා ගත යුතු බව ද අවධාරණය කරමි!
CHAPA
—