ඔන්න දැන් ඔබ හිතන්න පටන් ගන්නවා!
මම කවුද? මම මේ මොනවද කරමින් ඉන්නෙ?
අපි සාමාන්‍යයෙන් හිත හිතා ඉන්නෙ නං, අරයා කවුද? එයා මොනවද කරන්නෙ? මෙයා කවුද? මෙයා මොනවද මේ කරන්නෙ? කියලා. එහෙම නේද?
කොහොමත් කෙනෙකුට තමන් ගැන හිතන්න, තමන්ව ප්‍රශ්න කරන්න වෙලාවක් නැහැ, ඕන කමකුත් නැහැ. එක අතකට සත්ව ලෝකයටම පොදු මේ ලක්ෂණය, ඒ සත්ව ලෝකයේම කොටසක් විදිහට මිනිස්සු වෙච්ච අපටත් පොදුයි. ජීව විද්‍යාත්මකව හැදිලා තියෙන්නෙ ආත්මාර්ථය මත. ‘මම’ මත තමයි මම පවතින්නෙ! අන්න එහෙම.
ඒත් මොළය සහ හිත දියුණු කරගත් නිසාම මිනිස්සු සංස්කෘතික වෙලා පස්සෙ කාලයක පොදු සමාජයක් බවට පත්වෙනවා. ඒත් තවමත් සමහර සත්ව ලක්ෂණ අපට තියෙනවා වගේම, අනෙක් සත්තු ළඟ තියෙන ඇතැම් ලක්ෂණ මේ මිනිස්සු විදිහට දියුණු වුණු අපට වඩා ඉදිරියෙන් තියෙනවා.
මේ සාකච්ඡාව ටිකක් ගැඹුරු එකක්, ඒ ගැන පුළුල් විදිහට අධ්‍යනය කරන්න ඕන.
ඒ අතර, නිකමට හිතල බලන්න, ඇත්තටම මම කවුද? මට මොනවද ඕන? මම මේ මොනවද කරන්නෙ? කියලා.
fb ඇතුළු මේ සමාජ මාධ්‍ය ජාලා නිසාම, හුඟාක් මිනිස්සු මෙතෙක් හංගාගෙන හිටපු සමහර කැත ලක්ෂණ, ජුගුප්සාජනක ගති ගුණ සහ සමහර මානසික විකෘතීන් හෙළිදරවු කරන්න පටන් අරං. කොටින්ම හුඟාක් අය මේ අවකාශය තුළ නිරුවත් වෙන්න පටන් අරං.
අද මේ අලුත් දවසෙ නිකමට පොඩි වෙලාවක් වෙන් කරලා, තමන් ගැන හිතන්න පටන් ගන්න. සමහර විට ඔබටම ලැජ්ජා හිතෙයි. සතුටු හිතෙන්නත් පුළුවන්. හැබැයි ඒ ඔබ ඔබ ගැන – ඔබ, හිතන්න පටන් ගන්න විදිහත් එක්ක. නිකං බොරුවට, ”අනේ ඉතිං මම කොච්චර හොඳ ද? අනිත් අය වගෙ ද මං?” කියලා තමන්ව ම රවට්ට ගත්තොත් ඉතිං වැඩක් නැහැ.
ඇත්තටම හිතන්න පටන් ගන්න, නිකමට.
බලන්නකො, එහෙම හිතන්න පටන් ගත්තොත් දවස කොච්චර මිහිරි ද කියලා!
එහෙනං ඔන්න ඔබට මිහිරි දවසක්!
මිහිරි දවසක්!! ෂාඃ කොච්චර ලස්සන ද?
CHAPA
Previous Postජනාධිපතිවරයාට ඉදිරිපත්කරන මෙම ලියැවිල්ල, පොදු සමාජ අවධානයට යොමු විය යුතු නිසාම, මෙසේ ඉදිරිපත්කරමි. කරුණු සොයාබලමින් - අවධානයෙන් සිටින්න! අවශ්‍ය මැදිහත්වීම් කරන්න!
Next PostDear Doctors!