”යුද්ධයක් කියන්නෙ කොයි පැත්තෙන් ගත්තත් විනාශයක්..අපරාධ…දුෂණ…වංචා…පිරිලා, අන්තිමට මුළු යුද්දෙම ජාවාරමක්…”
මම ඔහුට විස්තර කළෙමි. ඒ මොහොතේ අපි චාවාකච්චේරි මං සන්ධියට යාබද කුඩා අතුරු පාරකට මායිම් වූ ගෙයක් අභියස සිටියෙමු. දොර ජනේල් කඩා බිඳ දමා තිබූ ඒ කුඩා පැරණි නිවසේ එළිපත්තේ දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් ලියැවුණු පොත් පත් විශාල ප්‍රමාණයක් විසිරී තිබිණි. ඇතැම් ඒවායේ පිටු ගිලිහී ඒ මේ අත පාවෙමින් තිබූ අතර ඇතැම් ඒවා උඩින් හමුදා සෙබළු තම ගොරහැඬි බූට් සලකුණු සටහන් කොට තිබිණි.
‘මාර විනාශයක්!’
”අපේ එවුන් අතේ ගෙනියන්න පුළුවන් ඒවා ගෙනියනවා…අනිත් ඒවා විනාශ කරනවා…කාලකණ්ණි!”
සේමසිංහ මට ප්‍රතිචාර දැක්වීය.
”ඔය අස්සෙ අපේ එවුන්ගෙ මාර වැඩ තියෙන්නෙ…අර සාජන්ට් මෙන්ඩිස් මේ යාපනේ පැත්තෙ එන්න පටන් ගත්තට පස්සෙ මුද්දර එකතුකරන විනෝදාංශයක් පටන් අරගෙන…පරණ කාසිත් එකතු කරනවා…හරියට උපන් දා ඉඳන් කරනවා වගෙ…චි: අනුන්ගෙ මරාල මට නං කීයටවත් එපා…ඕවා මහා සහගහන වැඩ…”
අප සමග එහි සිටි තවත් වෛද්‍ය සෙබළෙක් තම අප්‍රසාදය පළ කළේය.
මා නෙත් ගැටුණු සියළුම නිවෙස් වල තිබුණේ මේ දැන් දැන් නිවැසියන් පලා ගිය ස්වරූපයකි. හමුදා සහ එල්.ටී.ටී.ඊ. ප්‍රහාර හමුවේ ඔවුහු කරමින් සිටි වැඩ කටයුතු අතරමග නවතා දමා හිටිවනම අතුරුදහන් වී සිටියහ. ගෙදරක උයන්නට පටන්ගත් සැටියකි. ගෙදරක රෙදි සේදීමට පටන් ගත සැටියකි. ගෙදරක කුඩා දරුවන් කෙළි දෙළින් අත පත ගෑ සෙල්ලං බඩුවක් දෙකක් ඔවුන් දිව ගිය දිශාවට රේඛීයව වැටී ඇති සැටියකි.
එක් සැන්දැවක මා දුටු තවත් අනපේක්ෂිත දර්ශනයක් මේ දැනුත් මගේ හිත පුරා නලියමින් තිබේ. එක් හරක් ගාලකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබුණු අතර එහි සිටි හරක් කීප දෙනෙක්ම උන් හිටි තැන ගල් ගැසී අඟුරු වී සිටියහ. ඒ අසලින් පිහිටි ගව හිමියන්ගේ නිවසේ වහලය මුළුමනින්ම දැවී ගොස් තිබිණි.
වහලක් නැති ගෙයක්!
”අනේ…අපේ ගෙදර ආපහු දීපල්ලා…ඉන්න තැනකින් ගෙදර මිනිස්සුන්ට ආපහු එන්න කියපල්ලා. අනේ මට තනියෙන් මෙහෙම ඉන්න බැහැ…එක්කෝ මාවත් මරා දාපල්ලා…”
කවන්ධ ගේ ඉදිරිපස පඳුරක් යට වැතිර සිටි දුඹුරු පාට බැල්ලියක් අසරණ ස්වරයකින් නොනවත්වාම නගන කෙඳිරිය මම එසේ පරිවර්තනය කර ගතිමි.
CHAPA
Armyආමි – 2008, පිටුව, 99 – 101