High Way නඩුවක්…

කලින් දවසක ‘High Way කතාවක්!’ කියල, මේ වෙබ් අඩවියේම තියපු සටහනේ දිගුවක් නොවුණත් ඒ – මේ එකම සංවාදයක්! ඊයෙ, ඒකියන්නෙ 2019 අගෝස්තු 9 වැනිදා උදේ 9 – 10 අතර කාලයෙ වෙලාවක මං අතුරගිරිය අධිවේගී මාර්ග පිවිසුමෙන් ඇතුළු වුණා කඩවත ට යන්න. කඩවත හරහා සීදූවේ රැස්වීමට ඉක්මනට යන්නයි මට ඕන වුණේ. දැනටත් පරක්කු වැඩියි… කඩවත පිට වීමේ අන්තයට යනකොට තමයි මගෙ ඔළුවට ආවෙ, පිවිසුමේදි ප්‍රවේශපත්‍රයක් ගත්තෙ නැහැ නේද? කියල. ප්‍රවේශ පත්‍රයක් නැතුව කොහොමද මං ප්‍රවේශය ගත්තෙ? මං මගෙන් ම ඇහුවා!’එහෙම එන්න බැහැනෙ…මොකද වුණේ?’පිටවන ප්‍රවේශ පත්‍ර කුටියෙ නිලධාරියා ඒ ප්‍රශ්නයම වෙන විදිහකට ඇහුවා.’මං ආවා! බැරියර් එක වැටිල තිබුණෙ නැහැ, ටිකට් එකක් ඔළුවට් ආවෙත් නැහැ, කවුන්ටරයෙ කෙනෙක් හිටියෙ නෑ වගෙයි මතකත්…ම්ම්ම්ම්…ඇත්තටම කිව්වොත් මට ඒක හරියට මතක නැහැ, වෙන කල්පනාවක එන්න ඇත්තෙ…”එහෙම නං….’ඔහු කල්පනා කරන අතරෙ පොලිස් නිලධාරියෙකුත් එතනට ආවා.’මේ මහත්තයා ටිකට් නැතුව ඇවිත්!”මට ටිකට් එකක් දුන්නෙ නැහැ….බැරියර් එකක් දාලත් නැහැ, මං ඔහේ එන්න ඇති…දැන් මොකද්ද කරන්න පුළුවං?’අර නිලධාරියා පොලිස් නිලධාරියාට කියන අතරෙ මමත් මගෙ කතාව ඔහුට  කිව්වා. ඒ ගමන්ම හයි වේ නිලධාරියා දුරකථනයෙන් අතුරුගිරිය පිවිසුම් නිලධාරින් අමතනව ඇහුණා.’ඔය අතුරුගිරියෙ එන්ට්‍රන්ස් එකේ නිතර ඔය ප්‍රශ්නය එනවා…එතන අවුළක් තියෙනවා, එක පැත්තක බැරියර් එකක් වැඩ කරන්නෙ නැහැ මයෙ හිතේ…’පොලිස් නිලධාරියා ඉවසිලිවන්ත හඬකින් කිව්වා.’මේ මහත්තයා අතුරුගිරියෙන් තමයි ඇතුළු වෙලා තියෙන්නෙ…මං චෙක් කෙරුවා…’අර නිලධාරියා ඒ අතරෙ මගෙ ගමන ස්ථිර කර ගත්තා.’එහෙම නං මගෙ ගාස්තුව අරගෙන මාව යවන්න පුළුවන් නේද?’ප්‍රශ්නය මගෙන්.’මේකයි සර් වැඩේ…අපේ චක්‍රලේඛයක් තියෙනවා…ඒකට අනුව ෆුල් පේමන්ට් එකම ගන්න වෙනවා…මාතර ඉඳල එනකොට ගන්න ගාස්තුවම, 650/- ක්…”ඒක අසාධාරණයි නේද? ඔයා චෙක් කරල දැන ගත්තනෙ මං ආවෙ අතුරුගිරියෙන් කියලත්…’ඔහු සහ මං අදහස් හුවමාරු කර ගන්න අතරෙ පොලිස් නිලධාරියාත් සාවධානව අහගෙන ඉන්නවා.’මෙතන මගෙ වැරැද්දක් තියෙනවා ටිකට් එක නොගත්ත එක…ඒත් එහෙම එන්න බැරි වෙන්න බැරියර් එක දාලා හෝ වෙන බාධාවක් ඇති කරල තිබුණෙත් නැහැනෙ…හිතන්න අද ඉස්සර වෙලාම මේ පාරෙ එන කෙනෙක් කොහොමද මේකට මූණ දෙන්නෙ කියල, මෙතන දෙපැත්තක් තියෙනවා…ඒ නිසා අදාළ ගාස්තුව විතරක් ගන්න…’මං කරුණු පැහැදිලි කරන්න ගත්තා.’එහෙම කරන්න බැහැ සර්! නීතිය ඒකයි…’නිලධාරියාගෙ හඬ ස්ථිරයි.’මං ගෙවන්නෙ මගෙ ගාස්තුව විතරයි!’මගෙ හඬත් ස්ථාවර ගතියකට මාරු වුණා.’එහෙම නං ඔයා පැමිණිල්ල දාන්න…ඒකනෙ කරන්න තියෙන්නෙ…’ඔහු අර පොලිස් නිලධාරියාට කිව්වා. පොලිස් නිලධාරියා මගෙ රියදුරු බලපත්‍රය ඉල්ලගෙන එහි තොරතුරු ලියාගෙන වාහනයෙ ඡායරූපත් ගත්තා.’මේ වගෙ ප්‍රශ්නයක් කතා කරන්න මෙතන කවුරු හරි උසස් නිලධාරියෙක් නැද්ද?’මං එ අතර ඔවුන්ගෙන් ඇහුවා.’ඕන නං සර් අපේ මූලස්ථානයට කතා කරන්න…’හයි වේ නිලධාරියා අංකයක් දෙන ගමන් කිව්වා.මං ඒ අංකයට කතා කෙරුවා. මගෙන් විස්තර අරගෙන ආයෙ කතා කරන්නං කිව්වා. එහෙමත් කතා කෙරුවා. විසඳුමක් නහැ. ඒත් සීදූවේ රැස්වීමට පරක්කු වෙන නිසා ඉක්මනට ගන යන්න ගියා.හවස 3. 30 ට විතර ආපිට එන ගමන් මං ආයෙත් අර හයි වේ මූලස්ථාන අංකයට කතා කෙරුවා. ඇමතුම් දෙක තුනක් නාස්ති කරලත්, ඒත් සහනදායි විසඳුමක් නැහැ. මං කෝකටත් කියල කඩවත් පිවිසුමට ඇවිත් ඒ ගැන ව්පරම් කරන්න හිතුවා. ඒ අනුව අන්තිමට කඩවත පිවිසුම අසළ තියෙන කාර්‍යයාලයකට මාව යොමු කෙරුණා. ‘ෆුල් පේමන්ට් එක ගෙවනවා නං අපිට පුළුවං පැමිණිල්ල ඉවත් කරන්න…නැත්තං ටිකක් කරදර වෙනවා…අපිත් ඉතිං නීතියනෙ ක්‍රියාත්මක කරන්නෙ සර්…’එතන හිටපු කාරුණික නිලධාරියෙක් සුහද විදිහට කිව්වා. එහෙම නං ඉතිං ගෙවන්නං, ඒත් මේක සාධරණ නැහැ කියලයි මට හිතෙන්නෙ…’කාලය  එක්ක සටනක යෙදෙන අතර තුර, තවත් කරදර එපා කියල හිත කියන නිසා මං 650/- අසාධාරණ (?) ගාස්තුව ගෙවල දාන ගමන් ඒ නිලධාරියාට කිව්වා.ඊට පස්සෙ මාව යොමු කෙරුණෙ ඒ අසළ පොලිස් ඒකකයට. ‘ඔබ තුමා ඒ ගාස්තුව ගෙවන්න තීරණය කරපු එක හොඳයි…නැත්තං මාර කරදරයක් වෙන්නෙ…මේ, අපි නඩු දාන්න ලෑස්ති කරල තියෙන්නෙ…’පොලිස් නිලධරියෙක්, ලොකු පොතක් පෙරළා  පෙන්වමින් සැනසිලිදායක හඬකින් කියන්න ගත්තා. මගෙ නමින් පටන් ගත්ත පිටු දෙකකට කිට්ටු දීර්ඝ පැමිණිල්ලක් එහි ලියා තිබුණා.’දැන් ඉතිං මේක අයින් කරන්න පුළුවං…”ඔය නීති අපිට විතරයි…දේශපාලකයන්ට මොන නීතියක්වත් නෑ මහත්තයා…’එතන හිටපු තවත් පොලිස් නිලධාරියෙක් මාත් එක්ක කතාවක් පටන් ගන්න වගෙ කිව්වා. මට කතා කරන්න කම්මලියි වගෙ. ඔහු පෑන අතට ගන්න අතරෙ මං එන්න ආවා. ‘මට එරෙහි පැමිණිල්ල දැන් එහෙනං අයින් කරයි!’එන ගමන් මට හිතුණා!CHAPA, Aug 9, 2019