2018-02-19
ඇමතිවරුන්ට සුපිරි බලයක් ලැබෙන මොකද්ද පනතක් ගේන්න හදනවලු! මාධ්‍ය ඒ ගැන අහනකොට, අමාත්‍ය වජිර අබේවර්ධන නං අහන්නෙ, ඇයි – මොකද බයද? කියලා, ඔහුට අනුව, රට සංවර්ධනය කරන්න ඇමතිවරුන්ට එහෙම සුපිරි බලයක් ඕනෙ. ඩිලාන් පෙරේරා කියන්නෙ පාර්ලිමේන්තුවේ ඉස්සරහා දොරෙන්, පස්ස දොරෙන්, ජනේලයෙන්, බාත් රූම් එකේ ෆෑන් ලයිට් එකෙන්…මේ කොහෙන්වත් ඇමතිවරුන්ට එහෙම සුපිරි බලයක් ගන්න කිසිසේත්ම ඉඩ දෙන්නෙ නැහැල්ලු! වජිර, දැන හරි නොදැන හරි එහෙම ඒ වෙනුවන් හිටගන්න එක හරිනෙ, අගමැති රනිල්ගෙ විශේෂ නියෝජිතයෙක් නිසා. ඒත්, ඩිලාන්? කොහොම හරි මේ, ජනයා ‘පට්ට’ නොමග යැවීමක්!
එහෙම නං ඇත්තටම සිද්ධවෙමින් තියෙන්නෙ මොකද්ද?
2016 ඔක්තෝබර් 26 වනවිට කැබිනට් අනුමැතිය ලබන, සංවර්ධන ( විශේෂ විධි විධාන ) පනත් කෙටුම්පත දැන් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා සුදානම් කරලා තියෙනවා.
එය ‘යකාගෙ පනතක්!’
ශ්‍රී ලංකාවෙ කඩිනම් ආර්ථික සංවර්ධනය ද ඇතුළු සියළු විෂයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ ඊට පහසුකම් සැලසීම තමයි එහි අරමුණ හැටියට සඳහන් වෙන්නෙ. මෙතැනදි රට, සංවර්ධන මණ්ඩල 5 කට වෙන් කෙරෙනවා, දක්ෂිණ, වයඹ, මධ්‍යම, නැගෙනහිර සහ උතුර කියලා. ඊට පස්සෙ ඒ සියල්ල පාලනය කරන, ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයක් ( PDO ) සහ සංවර්ධන නියෝජිත ආයතනයක් ( AFD ) හදනවා. දැනට වලංගු, සංවර්ධනයට අදාළ සියළු පනත් අභිබවා යන සුපිරි බලයක් මේ ආයතන ද්විත්වයට ලැබෙනවා.
රටම, එක බලයකට ගන්න මේ තුන් අවුරුදු ව්‍යාපෘතියෙ, විධායක ජනාධිපතිවරයාට නොදෙවෙනි සුපිරි බලය ලැබෙන්නෙ අමාත්‍යවරු දෙන්නටයි, එක්කෙනෙක්, ”ජාතික ප්‍රතිපත්තිය සහ ආර්ථික ආර්ථික කටයුතු ” විෂය භාර අමාත්‍යවරයා – අගමැති රනිල් වික්‍රමසිංහ. අනෙක් ඇමතිවරයා, ”සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු” භාර මලික් සමරවික්‍රම.
පනතේ අඩංගු බරපතළම ප්‍රතිපාදනය මේකයි!
සද්භාවයෙන් සිදුකරනු ලබන සහ සිදුකිරීමට අරමුණු කරන කිසිදු ක්‍රියාවක් සම්බන්ධයෙන්, මේ ව්‍යාපෘතියට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට, කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවරන්න බැහැ!
ඉතිං ඩිලාන්, පිස්සු විකාර – වාචාල කතා කියව කියව, මෝඩ විහිළුවලින් රට විනාශ කරන්නෙ නැතුව විධිමත් ක්‍රමයකට ‘ජනයා’ දැනුවත් කරමින්, නීතිමය ක්‍රියාමාර්ගත් ගනිමින් මේ මහා අනතුරෙන් රට ගලවා ගන්න මැදිහත් වෙන්න! ජවිපෙ සගයන්ටත් එක්ක මේ කියන්නෙ, 2020 ජවිපෙ ආණ්ඩුවක් හදන්න හරි රටක් ඉතුරු වෙන්න එපායැ!
වැඩ පටන් ගනිල්ලා! ඔව්! මේ දැන්…
CHAPA
December 20, 2016

WHAT'S UP
ඩිලාන්! මෝඩ වාචාල කතා එපා!
May 17, 2018, 16:18 pmComments Off on ඩිලාන්! මෝඩ වාචාල කතා එපා!
Previous PostBrother Charles ට ලියමි,
Next Postජේසු ඇවිත් එපා කිව්වත් මේ වැඩේ දැන් නං නවතින්නෙ නැහැ!