‘නිදහස්’ චැනලයෙන් උපුටා දක්වමි!
ප්රශ්නය Wasantha Luxman
ඔබව තවමත් පාලනය කරන්නේ හිරු දෙරණ තමයි…..ඔබ තවමත් ඉන්නේ එතන …
පිළිතුර CHAPA
හෙ හේ…! ඔබ නාගා වෙනුවෙන්, මං ලව්වා ජවිපෙ රෙදි ගළවන්න ඔය හදන්නෙ, මං එහෙම නොකර, මේ විශේෂ සටහන තියන්න හිතුවා!
1. මම 1998 2021 දක්වා, ශ්රීලංගුවි, ලක්හඬ, රාවය, BBC සිංහල සේවය, ඇසුර FM, TNL, ස්වර්ණවාහිනී, සිරස, MTV, රන් fm, ශ්රී TV, Colombo TV, Thinetha TV, V fm, Neth fm, දෙරණ, හිරු…! ආදී විවිධ මාධ්ය හරහා පෙනී හිටිමින් අඛණ්ඩ අරගලයක යෙදෙමින් ඉන්නවා, එය ‘ප්රාග්ධන’ උවමනාවන්ට අභියෝග කෙරෙන වෙනම මාධ්ය භාවිතයක්, රාවයට සාක්ෂියක්, Armyආමි, කූඹි…! වගෙ පොත් තුළින් කෙනෙකුට ඒ අධ්යනය කියව ගන්නත් පුළුවං, ඊට අමතරව මේ Video සටහනත්, අතීත සාක්ෂියක් විදිහට වැදගත්!
2. 2001 දි, ”free නිදහස්”’ නමින් වීදි පුවත්පතක් පටන් අරගෙන ඊට සමාන්තරව 2001 – 2011 දක්වාමත් වෙනම මහා වැඩ බිමක් නිර්මාණය කෙරුවා. කිසිම පක්ෂයක්, මුදලාලි කෙනෙක් හෝ NGO එකක් සම්බන්ධ නැති දශකයක් පුරා ඉතිහාස ගත වන එකම මාධ්ය අත් හදා බැලීම එයයි. ඒ පර්යේෂණයට හොඳටම බය වුණේ ජවිපෙ නායකයන්. ඔවුන් බිම් මට්ටමේ ජවිපෙ සාමාජිකයන් කුලප්පු කරලා, ඔබ වගේම නිදහස් එක්ක බද්ධ වෛරයකින් පසු වුණේ, හේතුව ඔවුන් දන්න එකම දේශපාලනය ඒ ලොක්කො කියාදෙන එක නිසා.
3. ‘නිදහස්’ ආයතනයක් විදිහට යළි ගොඩ නගන්න උත්සහ නොකරන්නෙ, ඔය ”ප්රාග්ධන උභතෝකෝටිකය” නිසා සහ ඊට සමාන්තර ”මහා සමාජ ගොඩ නැගීමක්” කරන්න ජවිපෙ පෙරටු වගෙ බිම් මට්ටමේ පක්ෂ සහ NGOs ඉඩ දෙන්නෙ නැති නිසා.
4. මේ කිසිවක් තේරුම් ගන්න බැරි, නූගත්, අවංක සහ ඒ නිසාම මෝඩ! ඔබ වගෙ පුද්ගලයින් ඔය දීර්ඝ ඉතිහාසය තුළ එක දිගටම මට මුණ ගැහෙමින් ඉන්නවා, නිකං හිතන්න! රටේ ප්රසිද්ධ ජනප්රිය රූපවාහිනී නාලිකා ජවිපෙ පෙරටු උඩ දදා බෝල ගගහ තමන්ගෙ දේශපාලන ගමන යනවා, ප්රාග්ධන උවමනාවන් ඉටු කර ගන්නවා. Capital මහරාජා තමයි ”හොඳටම කරන්නෙ!” සුනිල් හඳුන්නෙත්තිලා, වසන්ත සමරසිංහලා මහරාජා පවුලෙ වගෙ හැසිරෙන්නෙ. ඔබ හිතන්න! 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් කාසල් වීදියේ අනුරගෙ ලොකු ‘කටවුට්’ එකක් ගැහුවා මහරාජා! ඔබ වගෙ අසරණයන්ට ඒ කිසිවක්තේරුම් ගන්න මූලික දැනුමක් නෑ, වහල්භාවයෙන් අන්ධ වෙලා.
5. ජවිපෙ නායකයන්, ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර අතර සමීප සම්බන්ධයක් තියෙනවා, වෘත්තීය සමිති ගනු දෙනුවකුත් තියෙනවා. ඒ ගැනත් මං ඕන තරම් උදාහරණ දෙනවා. ඒ නිසා තමයි දෙරණ – ජවිපෙ අතර ගැටුමක් නැත්තෙ.මට දෙරණ දොරවල් වැහෙනවා, නාගා වෙනුවෙන් වුණත් ඔබ අල්ලගෙන ඉන්න ජවිපෙට දොර නිතර ඇරෙනවා. ඔබ කියනවා මාව පාලනය කරන්නෙ හිරු දෙරණ කියලා! බලන්න ඔබ කොච්චර අමනයෙක්ද කියලා. මං දුමින්ද සිවාගෙ සිද්ධියට අදාළව හිරු සලකුණ අත් හරිනවා, එය වෘත්තීයම වීරත්වයක්, ඒත් හිරු සමග හුරතල් වන අනුරලා තමයි ඔබට වීරයො, ඔය ඔබේ වරද නෙවෙයි, ඔබේ නූගත්කම සහ ඒ නිසාම හට ගන්නා ඔබේ වහල් භාවය!
6. ඔබ වගෙ අසරණයන් අන්ඳවාගෙන ජවිපෙ යන ගමන තේරුම් ගන්න ආසන්තම උදාහරණය තමයි, මගේ දුරකථන ඇමතුම මග හරින සුනිල් හඳුන්නෙත්ති, සේපාල් අමරසිංහ එක්ක හුරතල් වෙවී සාකච්ඡාවක ඉන්න එක, ඒ මොකෝ! ජවිපෙ සහ සේපාල් වගෙ තැරැව් කාරයො 2010 Indo Pacific Project එකේ ෆොන්සේකා වෙනුවෙන් එකට වැඩ කෙරුවා වගේම යළි ඔය 2024 ට සූදානම් වෙනවා, ඔබේ ලොක්කා නාගා තමයි අත් වැල් අල්ලන්නෙ…!